තර්ජනාත්මක ඉල්ලීම් කරන කිසිම රැඳවූවෙකුට පොදු සමාවන් නොදීමට තීරණය !

Published in පුවත්
Monday, 28 June 2021 09:54

බන්ධානාගාර වහල මත නැග,බන්ධනාගාර දේපළවලට හානි කරමින් ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් හැසිරෙමින් තර්ජනාත්මක ඉල්ලීම් කරන කිසිම රැඳවූවෙකුට මින් ඉදිරියට පොදු සමාවන් සඳහා නිර්දේශ නොකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මහර හා වැලිකඩ බන්ධනාගාරවල සිරකරුවන් 175ක් පමණ බන්ධනාගාරයෙන් දෙන ආහාර ප්‍රතික්ෂේප කරමින් වර්ජනයේ යෙදුනේ පසුගිය සිකුරාදා (25 වැනිදා) සිටය. ඒ අතරේ වෙනත් සිරකරුවන්ට ලබාදෙන කෑම බීම බෙදාගන්නා බවට හෙළිවී තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහලය මත නැගී සිකුරාදා (25 වැනිදා) සිට උද්ඝෝෂණය කළ උද්ඝෝෂකයන් පෙරේදා (26 වැනිදා) සවස දින දෙකකට පසුව වහලයෙන් බැස උද්ඝෝෂණය අතහැරියහ. යළිත් පෙරේදා (26 වැනිදා) රාත්‍රියේ පටන් වහළයට නැගගත් දහයක (10) පමණ පිරිසක් ඊයේ (27 වැනිදා) සවස් වනතුරුත් උද්ඝෝෂණයේ නිරත වූහ. මරණීය දණ්ඩනය ඉවත් කරන්නැයි වහලමත නැගී උද්ඝෝෂණය කළ අය අතර රටේම ආන්දෝලනයකට ලක්වූ සේයා දැරිය දූෂණය කර මරා දැමූ මරණීය දණ්ඩනය නියමවූ පුද්ගලයාත් සිටින බව පොලිසිය කියයි.

උද්ඝෝෂණ මෙහෙයවීම පසුපස පොදු සමාවන් හිමිනොවන කුඩු ජාවාරමුන්ද සිටින බව හෙළිවී ඇත. සිරකරුවන්ගේ වර්ජනය අතරේ ඉල්ලීම් ගැන සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් වී.ආර් ද සිල්වා බන්ධනාගාරවලට ගොස් තිබෙන බවත් වාර්තා වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us