එන්නත් හත්ලක්ෂයක් ලබා දී පාසැල් ආරම්භ කිරීමට සුදානමක් !

Published in පුවත්
Monday, 28 June 2021 08:47

හත්ලක්ෂයක් පමණ වන කොවිඩ් එන්නත් එකොළහ, දොළහ සහ දහතුන ශ්‍රේණිවල සිසුන්ට ලබා දී පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කර ඇති බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කර තිබෙනවා.

පාසල් ආරම්භ කිරීමට පෙර සියලුම ගුරුවරුන්ට මෙන්ම පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ද එන්නත් ලබාදෙන බවත් එම දෙපාර්ශ්වයේම සිටින්නේ දෙලක්ෂ හැත්තෑ නව දහසක් පමණ පිරිසක් බවත් ලේකම්වරයා සදහන් කර ඇත.

හැකි ඉක්මනින් එන්නත් ලබාදීමට හැකි වුවහොත් ජූලි මස දී පාසල් ආරම්භ කිරීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළ මහාචාර්යවරයා කෙසේ වුව ද ඒ සම්බන්ධයෙන් නිශ්චිත කාලවකවානුවක් කිව නොහැකි යැයි ද සඳහන් කළේය. එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට නොහැකි වුවහොත් එක් මාත්‍රාවක් ලබා දී හෝ පාසල් ආරම්භ කිරීම අරමුණ යැයි ද ඔහු ප්‍රකාශ කර ඇත.

දැනට දින නියම කර ඇති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග තවදුරටත් කල් දැමීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති යැයි ද ඒ පිළිබඳ තීරණයක් ගැනෙන්නේ ඉදිරියේ දී උද්ගත වන තත්ත්වයන් මත යැයි ද ලේකම්වරයා සඳහන් කළේය.

පාසල් ආරම්භ කිරීමට පෙර සියලුම ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට එන්නත් ලබා දිය යුතු බව ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබූ අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු පවත්වා ගෙන යාමට අදාළව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ද අමාත්‍යාංශයට පසුගිය සතියේ යෝජනාවලියක් ඉදිරිපත් කළ අතර පාසල් ආරම්භයට පෙර සිසුන්ටත් එන්නත ලබා දිය යුතු බවට වන යෝජනාවක් ද එහි අන්තර්ගත විය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us