GSP සහනය සම්බන්ධව නිරීක්ෂණය සදහා යුරෝපා සංගමයෙන් ලංකාවට !

Published in පුවත්
Monday, 28 June 2021 10:48

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හේතුවෙන් ජීඑස්පී ප්ලස් සහනය ඉවත්කර ගැනීමට යුරෝපා පාර්ලිමේන්තුව පසුගියදා යෝජනාවක් සම්මත කරගැනීමෙන් අනතුරුව එළඹෙන සැප්තැම්බර් මාසයේ දී නිරීක්ෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට යුරෝපා සංගමය සැලසුම් කර ඇති බව කොළඹ පිහිටි යුරෝපා සංගම් කාර්යාලය විසින් දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජීඑස්පී ප්ලස් සහනය ඉවත් කළයුතු බවට යෝජනාව සම්මත කර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය දැකගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් මෙරටට එවන ලෙස ශ්‍රී ලංකා රජය ද යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර ඇත.

සෑම වසර දෙකකට වරක් ජීඑස්පී ප්ලස් සහනය ක්‍රියාත්මක වන ආකාරය සොයාබැලීමට යුරෝපා සංගමය අධීක්ෂණ කණ්ඩායමක් මෙරටට පැමිණෙන අතර මෙවර එම පැමිණීම විශේෂ වන්නේ මෙරටට ලබාදී ඇති සහනය තාවකාලිකව අහෝසි කිරීමට යෝජනාවී ඇති බැවිනි.

මේ අතර යෝජිත ජීඑස්පී සහනය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල අදහස් විමසීමේ අරමුණින් යුරෝපා සංගම් රටවල්, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටවල නියෝජිතයන් 20 දෙනකුගෙන් සමන්විත පිරිසක් පසුගිය සතියේ මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us