රටවල් 8කට මෙරටට පැමිණීම තහනම් !

Published in පුවත්
Monday, 28 June 2021 19:07

පවතින වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත රටවල් 08ක සිට පැමිණෙන ගුවන් මගීන්ට එළඹෙන ජූලි 01 වනදා සිට එම මස ජූලි 31 වනදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

මෙරට කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි එම අධිකාරිය පවසන්නේ.

ඒ අනුව මෙරටට පැමිණීම අත්හිටවනු ලැබූ රටවල් වනුයේ ඇංගෝලා, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ එම රටවල් ය.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තේමිය අබේවික්‍රම මහතා පැවසුවේ එම රටවල මීට දින 14 කට පෙර සංචාරයේ යෙදී සිටි ගුවන් මගීන්ට සහ එම රටවල් ඔස්සේ පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට එම තහනම අදාළ වේ. මේ සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගම් ද දැනුවත් කර ඇති බව ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ වනවිටත් ශ්‍රී ලංකාව බලා පැමිණීමට පිටත් වී ඇති ගුවන් මගීන්ට අද දින සිට ජූලි 01 වනදා දක්වා සහන කාලයක්, එම ගුවන් මගීන් පත්වෙන අපහසුතාවය සලකා ලබාදී ඇති බව ද ඔහු පැවසීය.‌

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනය පහතින්…

note arir1

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us