ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගැන තවත් හෙළිදරව්වක් !

Published in පුවත්
Wednesday, 30 June 2021 09:05

ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබාදීම එහි පළමු මාත්‍රාව ලබාදී සති 45 දක්වා ප්‍රමාද කිරීමෙන් කොවිඩ්-19ට එරෙහි ප්‍රතිශක්තිය ඉහළ නංවන බව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

එසේම ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි තෙවැනි මාත්‍රාවක අවශ්‍යතාවක් පිළිබඳවද තොරතුරු හෙළි කරන එම අධ්‍යයනය පෙන්වා දී ඇත්තේ​ දෙවැනි මාත්‍රාව ලබාදී මාස 06කට පසුව එන්නතේ තෙවැනි මාත්‍රාවක් ලබාදීමෙන් කොවිඩ් වයිරස ප්‍රභේදයන්ට එරෙහිව වඩා වැඩි ප්‍රතිශතයක් නිර්මාණය කෙරෙන බවයි. මීට අදාළ පර්‌යේෂණ පත්‍රිකාව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් පෙරේදා (28 වැනිදා) ප්‍රසිද්ධියට පත්කර ඇත.

ඔක්ස්ෆර්ඩ්, ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ පර්‌යේෂණවලින් පෙනී යන්නේ පළමු මාත්‍රාවෙන් දීර්ඝ පරතරයක් සහිතව දෙවැනි මාත්‍රාව ලබාදීමෙන් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට බාධාවක් ඇති නොවන බවය. එමෙන්ම එන්නතෙහි තුන්වැනි මාත්‍රාව මගින් ප්‍ර​තිදේහ තවදුරටත් වැඩිදියුණු කරන බවත් කියයි.

මෙම අධ්‍යයනය පිළිබඳව වැඩිදුරටත් අදහස් පළකර ඇති ඔක්ස්ෆර්ඩ් සරසවියේ ළමා ආසාදන හා ප්‍රතිශක්තිය පිළිබඳ මහාචාර්ය සහ ප්‍රධාන විමර්ශන මහාචාර්ය ශ්‍රීමත් ඇන්ඩෲ පොලාර්ඩ් පවසා ඇත්තේ එන්නතේ අඩු සැපයුමක ඇති රටවලට මෙය සැනසිලිදායක ප්‍රවෘත්තියක් බවයි.

ඇතැම රටවල් අනාගතයේදී තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට සලකා බලමින් සිටින බැවින්, ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි තුන්වැනි මාත්‍රාවක බලපෑම පිළිබඳවද මෙහිදී අධ්‍යයනය කර ඇති පර්‌යේෂකයන් තුන්වැනි මාත්‍රාවක් සමග ප්‍රතිදේහ මට්ටම තවදුරටත් වැඩිවී ඇති බව සොයාගෙන තිබේ. තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය බව අපට පෙනී ගියහොත් මෙය ඉතා දිරිගන්වනසුළු ප්‍රවෘත්තියක් වනු ඇති බවද ඔක්ස්ෆර්ඩ් අධ්‍යයනය වැඩිදුරටත් පවසා ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us