අප්‍රේල් 21 දා ඇති වූ ගැටුමේ වාර්තාව ලබන සතියේ කථානායකවරයා අතට !

Published in පුවත්
Wednesday, 30 June 2021 09:18

පාස්කු ප්‍රහාරය සිහිපත් කරමින් පසුගිය අප්‍රේල් මස 21 වනදා පාර්ලිමේන්තුව තුළ සිදු වු සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ කථානායකවරයා වෙත භාර දීමට නියමිතව තිබේ.

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කමිටු රැස්විමේදී එම තීරණය ගත් බව පාර්ලිමේන්තු සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පවසා ඇත.
අප්‍රේල් මස 21 වනදා පාස්කු ප්‍රහාරය සිහිපත් කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැලඳ සිටි අතර විපක්ෂනායකවරයා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී පැමිණ සිටි අතර එහිදී අප්‍රේල් මස 22 වනදා පැවැත්වීමට නියමිතව තිබූ දේශපාලන පළිගැනිම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්තාවක් හට ගත්තේය. එම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාව මධ්‍යයට පැමිණ විරෝධතාවයේ නිරත විය.

මේ සම්බන්ධයෙන් සොයා බලා ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතීත්වයෙන් යුතුව එම කමිටුව කථානායකවරයා විසින් පත්කරනු ලැබීය. එහිදී සෙසු සාමාජිකයින් ලෙස චමල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, ඉම්තියාස් බාකීර් මාකර්, රංජිත් මද්දුමබණ්ඩාර සහ එම්.ඒ. සුමන්තිරන් යන මැති ඇමතිවරුන් කටයුතු කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us