අද සිට දුම්රිය වර්ජනයක් !

Published in පුවත්
Wednesday, 30 June 2021 09:50

කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා එම තනතුරෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියැදුරු හා නියාමකවරුන් ඇතුළු වෘත්තීය සමිති 34 ක් අද (30 වැනිදා) වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ ප්‍රකාශ කර තිබෙනවා.

මෙම වර්ජනය සිදුකරනු ලබන්නේ කාර්යාලයේ අධ්‍යක්ෂවරයා විසින් සිදුකර ඇති බරපතළ ගණයේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම හා විමර්ශන නොකිරීම, අකාර්යක්ෂම විද්‍යුත් ප්‍රවේශපත්‍ර ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන හාරදහස් හාරසියයක් යටකිරීම, දුම්රිය පුරප්පාඩු පිරිවීමට කටයුතු නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් බවයි සංගමයේ ලේකම්වරයා සදහන් කළේ .

මේ සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් දෙන තාක් අඛණ්ඩව වර්ජනය ගෙන යන බවද කියයි. දුම්රිය එන්ජින් රියැදුරු සංගමය, දුම්රිය නියාමක සංගමය, පොදුජන දුම්රිය සංගමය, රත්මලාන දුම්රිය සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති 34 ක සහාය මේ සඳහා ලැබී ඇති අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු තවත් වෘත්තීය සමිති ගණනාවක් මීට සහාය දක්වා ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us