සියලුම විශ්වවිද්‍යාල වල සිසුන් ඇතුළු කාර්යය මණ්ඩල සදහා එන්නත් දීමට සුදානමක් !

Published in පුවත්
Wednesday, 30 June 2021 10:30

දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල සාමාජිකයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේනවා .

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට ද එන්නත් ලබාදෙන ලෙස උපකුලපතිවරුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

ඒ අනුව ඊට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසත් වෛද්‍ය නිර්දේශ මත සිසුන්ට එන්නත් ලබාදීම කඩිනමින් කරන ලෙසත් උපකුලපතිවරුන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාලවල මාර්ගගත ක්‍රමයට සිදුකරන අධ්‍යයන කටයුතුවල ප්‍රගතිය සොයාබැලීම සඳහා පැවැති සාකච්ඡාවක දී උපකුලපතිවරුන් එම ඉල්ලීම සිදුකළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව මාර්ගගත අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලු මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග සෞඛ්‍ය ආරක්ෂිත ලෙස සිදුකළ යුතු ආකාරය පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us