කාබනික පොහොර ආනයනය අත්හිටුවයි !

Published in පුවත්
Friday, 25 June 2021 11:19

කාබනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තහනම පනවා ඇත්තේ ආනයනය හරහා ක්ෂුද්‍රජීවීන් මෙරටට පැමිණීමේ අවදානම ඇතුළු තවත් කරුණු කිහිපයක් හේතුකොටගෙන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා පවසා ඇත්තේ.

2021, 2021 මහ කන්නයේ වී වගාව සඳහා හෙක්ටයාර ලක්ෂ පහකට අවශ්‍ය කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ අවශ්‍යතාවන් රජයේ පොහොර සමාගම් හරහා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි විය.එසේම අනෙකුත් භෝග හෙක්ටයාර ලක්ෂ හයකට පමණ අවශ්‍ය කාබනික පොහොර, එම භෝගවලට අදාළ පර්යේෂණ ආයතනවල නිර්දේශවලට අනුව ආනයනයට බලපත්‍ර හිමි සමාගම් මගින් ගෙන්වා ගොවීන් වෙත බෙදාහැරීමටයි තීරණය කර තිබුණි.

රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීමට ගත් තීරණය හේතුවෙන් සහල් අර්බුදය තවදුරටත් උග්‍රවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us