දුමින්දගේ නිදහස ඇමරිකාව හෙළාදකියි !

Published in පුවත්
Friday, 25 June 2021 10:56

මිනීමැරුමකට වැරදිකරුවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය හෙළා දැක තිබේනවා .

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ 2018 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවකු ලෙස නම් කළ දුමින්ද සිල්වාට සමාව දීම නීතියේ ආධිපත්‍යයට ‘වළ කැපීමක්’ බවයි.
සේවෙතත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි සිරකරුවන් පිරිසක් නිදහස් කිරීම පිළිබඳව තානාපතිවරිය ප්‍රසාදය පළකර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි සිරකරුවන් 16 දෙනකු පොසොන් පොහොය පදනම් කරගෙන ඊයේ (24 වැනිදා) රජය විසින් නිදහස් කරන ලදී.

“සිරකරුවන් ඉක්මනින් නිදහස් කිරීම අපි සාදරයෙන් පිළිගනිමු. නමුත් 2018 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ දුමින්ද සිල්වාට සමාව දීම නීතියේ ආධිපත්‍යයට වළ කපයි. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වගවීම සහ යුක්තිය සඳහා සමාන ප්‍රවේශයන් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජ
කෙය බැඳී සිටී. ”යැයි තානාපතිනිය සිය පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණිය දණ්ඩනය නියම වුයේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා ය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us