මෙරට ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම 70%කින් ඉහලට !

Published in පුවත්
Friday, 25 June 2021 18:51

මෙරට තුළ ‌ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම සියයට 60කින් 70කින් වැඩිවී ඇති බව විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය පවසයි. පවතින සංචරණ ලිහිල් කිරීම තුළ ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බව බව වෛද්‍යවරිය සදහන් කරයි.

විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය මෙම අදහස් පලකළේ අද (25) පස්වරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි. ජනතාව වගකීමෙන් කටයුතු නොකළහොත් දිවයිනට යළි සංචරණ පැනවීමේ තත්ත්වයක් ඇති වනු ඇතැයි විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය වැඩිදුරටත් සදහන් කරයි.
මෙම සතිඅන්තයේදී සංචරණ සීමා ක්‍රියාත්මක නොකිරීමට කොවිඩ් කාර්ය සාධක බලකාය තීරණය කර තිබේනවා.
රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ කොවිඩ් කාර්ය සාධක බලකාය අද (25) රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් පළාත් අතර සංචරණ සීමා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව අමාත්‍යවරයා සදහන් කරයි. මේ වන විට රට පවත්වාගෙන යන ආකරයට ඉදිරියටත් කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us