තවත් වසර 2ක් වාහන ආනයනය නොකරයි !

Published in පුවත්
Friday, 25 June 2021 19:04

තවත් වසර 2 ක් සඳහා වාහන ආනයනය නොකෙරෙන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ (24) පොල්ගහවෙල පිහිටි මයික්‍රො වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවයි. මෙරට තුළ නිෂ්පාදනය කරන වාහන සහ එක්ලැස් කරන රථ වාහන ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ඇති බව බවත් අමාත්‍යවරයා සදහන් කර ඇත.

වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පෙන්වා දෙන්නේ දේශීයව මෝටර් රථ නිෂ්පාදනය සඳහා සමාගම් කිහිපයක් නැවත දිරිමත් කිරීමට වත්මන් රජයට හැකියාව ලැබුණු බවය.

"අපි තීරණයක් ගත්තා වසර 2ක කාලයක් සඳහා වාහන ආනයනය නොකරන්න. එය ඉදිරියටත් එසේම විය යුතුයි කියලයි අපි කල්පනා කරන්නේ. වාහන මේ රටේ එකලස් කරපුවාම මේවා පිළිබඳ දැනුමක් ජනතාවට ලැබෙනවා. දැන් වෙනකොට සියයට සීයක් පිටරටින් ගෙන්නලා මෙහෙ එකලස් කරනවා නෙවෙයි. සමහර කොටස් දේශීයව නිපදවන්නේ. අවුරුද්දෙන් අවුරුද්ද දේශීයව නිෂ්පාදනය කරන කොටස් වැඩි කරන්න ඕනේ කියලා අපි උපදෙස් දීලා තියෙනවා. මේ වනකොට බස් රථත් දේශීයව එකලස් කිරීම පළමු වරට ආරම්භ කරලා තියෙනවා. පළවෙනි බස් රථ 3 කොතලාවල විශ්වවිද්‍යාල සඳහා. ඒ අනුව ඉදිරියේදී පිටරටින් ගෙන්වන බස් වෙනුවට ලංකාවේ එකතු කරපු කොටස් සමග දේශීයව එකලස් කරපු බස් රථ මාර්ගවල ධාවනය කරන්න පුළුවන් වෙයි. මාසෙකට වාහන 600ක් නිෂ්පාදනය කළ මෙවැනි ආයතනය පසුගිය කාලයේ හිතාමතා බිඳ දැමීමට කටයුතු කරලා තිබුණා. ඒ නිසා අද ඔවුන්ට නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ වාහන 20ක් වගේ ප්‍රමාණයක්. ජනාධිපතිතුමා වාහන නිෂ්පාදනය කිරීම පිළිබඳ අමාත්‍යාංශයක් හදලා ඒ පිළිබඳ රාජ්‍ය ඇමතිවරයා හැටියට මාව පත්කරලා තියෙනවා."

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us