සමන් ප‍්‍රියංකර (ජපන් සමන්) නම් ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 400 ක කොමිස් මුදලක් ඉල්ලා ඇතැයි වාර්තාවන සිදුවීමට අදාල අමාත්‍යවරයා රවී කරුණානායක බව දැන ගැනීමට තිබේ.
නාමල් වෙනුවෙන් තංගල්ලේ ස්ත්‍රී දුෂක මිනිමරුවොත් පාරට බසිති !
රගර් ප්‍රවර්ධනයට යැයි කියමින් මිලියන 70ක් ක්‍රිෂ් සමාගමෙන් ලබාගෙන එම මුදල් තමන්ගේ සාක්කුවට දමා ගැනීමේ මුදල් වංචාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින පෙරකදොරු නාමල් රාජපක්ෂව වහා නිදහස් කරන්නැයි ඉල්ලමින් 17දා තංගල්ල නගර මධ්‍යයේ පැවැත්වු කෑකෝ ගැසිමේ නාඩගම සංවිධානය කිරීම ස්ත්‍රීදුෂණ මිනි මැරුම් චෝදනා ලැබූවන් විසින් සංවිධානය කළ කටයුතතක් බව අනාවරණය වේ.
ලිංගික සූරා කෑමට විරෝධය පා කාන්තාවන් රැසක් නේෂන් ට්‍රස්ට් බැංකුවේ ගිණුම් ඉවත් කරගෙන
මෙරට නේෂ්න් ට්‍රස්ට් බැංකුවේ ගිණුම් පවත්වාගෙන ගිය ඉහළ සමාජයේ කාන්තාවන් විශාල පිරිසක්, කාන්තාවක ලිංගික සූරාකෑමකට ලක් කිරීම සම්බන්ධයෙන් එම බැංකු පාලනාධිකාරියට විරෝධය දක්වා ඔවුන්ගේ ගිණුම් ඉවත් කරගැනීම සිදු කරමින් පවතින බවත් වාර්තාවේ.
යාපනය විශ්ව විද්‍යාලයේ සිදුවූ සිසු ගැටුම දඩමීමා කරගෙන රට තුළ නැවතත් ජාතිවාදී කලබල ඇති කිරීමේ සංවිධානාත්මක උත්සහයක් ඇති බව අප වගකීමෙන් ප්‍රකාශ කරමු. උතුරේ රතිඤ්ඤා කරලක් හෝ පිපිරෙනකම් බලා සිටි දකුණේ සිංහල බෞද්ධ තක්කඩියන්ට දැන් කාලයක් යනකම් මේ සිදුවීම දෙමළාට එරෙහිව පාවිච්චි කරන්නට ප්‍රමාණවත්ය. මේ වන විට සමාජ ජාලාවල පැල පදියම්ව සිටින සිංහල බෞද්ධ වර්ගවාදී කාලකණ්නින්ට ද රජ මඟුල්ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලනය පිවිස මෙම මස 26 වන දිනට, දින දස දහසක් පිරීම නිමිත්තෙන් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරය දියත් කිරීමට සූදානම් වන බව දැන ගැනීමට තිබේ. මෙම වැඩ සටහනට ආගමික, පාරිසරික, සෞඛ්‍ය, ආදී සමාජ සේවා කටයුතු රැසක් මෙන්ම රට පුරා විශේෂ උත්සව ගන්නාවක්ද සූදානම් කර තිබේ. මේ වෙනුවෙන් මිලියන සියයකට වැඩි මුදල වැය වනු ඇති බවත් දැන ගැනිමට තිබේ.
ආඳා දොලේදී රෙදි ගැලවුණ කැන්ටර් පියසේන තවත් කුප්ප වැඩක් කරයි
ආඳා දොල හරස් කළ ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා එම සමාගම ගන්න උත්සාහය වෙනුවෙන් එම සමාගමේ දොල පිදෙනි ලබමින් සිටින කැන්ටර් පියසේන හෙවත් පජාත දේශපාලන තකඩියකු වූ පියසේන ගමගේ පසුගියදා ඔහුගේ මැරයන්ගෙන් පහර කෑමට ලක්වූ මාධ්‍යවේදී දයා නෙත්තසිංහට එරෙහිව අභුත චෝදනා නගා ඔහුව මෙල්ල කිරීමේ උත්සාහයක නිරතව සිටී.
පරිසරවේදී දයා නෙත්තසිංහට පහරදීම ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු - ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය
ගාල්ල, නෙළුව, දෙල්ලව, ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් සිදුවන පරිසර විනාශය පිළිබඳව කරුණු දැක්වීමට ගොස් සිටියදී පරිසරවේදී දයා නෙත්තසිංහ මහතාට හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාට සම්බන්ධ බව කියන මැරයන් පිරිසක් විසින් ඊයේ (12) සිදුකල පහරදීම අප සංගමය විසින් ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.