පසුගියදා සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව ඒ ඒ අමාත්‍යංශ සඳහා විෂය පථ වෙන් කිරීමේ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කොට තිබේ. මෙහිදී විශේෂිතම කාරණය වන්නේ විදේශ අමාත්‍යංශයට ජාතික ලොත‍රැයි මණ්ඩලය සහ සංවර්ධන ලොත‍රැයි මණ්ඩලය ද පැවරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමය.මේ අනුව රවී කරුණානායක මහතා විදේශ හා ලොත‍රැයි ඇමැතිවරයා ලෙස හැඳින්වීම වඩා විද්‍යාත්මක ක්‍රමවේදය ලෙස සැලකිය හැකිය.

රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයාගැනීම මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කළ බවට අධිචෝදනා 11 යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුව ප්‍රකාරව එම චෝදනා ඔප්පු වුව හොත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සහ සෙසු විත්තිකරුවන්ට සිව්දෙනාට වසර 20 ක සිර දඬුවමක් ප්‍රකාශයට පත් විය හැකි බව එම පනතෙහි දක්වා ඇති විධි විධාන අනුව දැක්වේ. පසුගිය අප්‍රේල් මස දී මෙම චෝදනා ගොනු කිරීම සිදුවිය.

පසුගියදා සිදුවූ ආපදා තත්වයේදී එම විපතට පත් වූවන්ට සෙත් පතා (05 )පැවැති කොළඹ සම්බෝධි විහාරය මඟින් සංවිධානය කළ පිරිත් සජ්ඣායනය මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතියක් බවට පත්ව තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

යහපාලන රජය බලයට පැමිණීමෙන් පසුව ආරක්ෂක හමුදාවන්ට ලබා දි තිබු ඇතැම් වරප්‍රසාද අහිමි කිරීමත් පසුව ජනාධිපතිවරයා විසින් එම ඇතැම් වරප්‍රසාද යළි ලබා දිමට කටයුතු කර තිබියදීත් ආරක්ෂක ලේකම් වරයා ඒ නොතකා හැරීම සම්බන්ධයෙන් වගකීමක් රහිත චෝදනා පත්‍රයක් අප වෙත ලැබී තිබේ.

පුරවැසියාගේත් පාර්ලිමේන්තුවේත් කැබිනට් මණ්ඩලයේත් ඇස් වසා ස්විස් සිංගපූර් සමාගම හා සහයොගයෙන් සිදුකළ දූෂිත ගල් අඟුරු ටෙන්ඩරයෙන් පසුව තවත් එවැනිම මහා පරිමාණ දූෂිත ගල් අඟුරු ටෙන්ඩරයකට විදුලි බල හා පුනර්ජනනීය අමාත්‍යංශ බලධාරීන් කිහිප දෙනෙකු සූදානම් වන බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එළඹෙන සැප්තැම්බරයේදී මේ නව ටෙන්ඩරය ක්‍රියාත්මක වීමට නියමිතය බවත් දැනගැනීම ඇත.

ලෝක කෙටිධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය මේ දිනවල ජීවත් වන්නට මඟක් නොමැති බව කියමින් ඇය විසින් රටට දිනා දුන්නාය කියන ඔලිම්පික් පදක්කම වෙන්දෙසි කිරීමක් සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාරක කටයුතු පිළිබඳ ක්‍රීඩා අමාතයංශය නිවේදනයක් නිකුත් කොට තිබේ.

මත්පැන් අලෙවියේ දී රජයට අය විය යුතු බදු මුදල් ක්‍රමවත්ව අයකර ගැනීම සඳහා විශේෂ ආරක්‍ෂිත ස්ටිකරය (fool proof) මුද්‍රණය කිරීම සඳහා වන ටෙන්ඩරය නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඉන්දීය සමාගමකට ලබාදීම සඳහා පසුගිය කාලයෙ ගත් උත්සාහය මේ වන විටත් ක්‍රියාත්මකව පවතින බව දැන ගැනීමට තිබේ.

ශ්‍රි ලංකාවේ විදේශ තානාපත් සේවාවේ යෙදී සිටින ද්විත්ව පුරවැසියන් කවුරුන්ද යන්න විදේශ කටයුතු අමාතය්‍යංශය අනාවරණය කරගෙන තිබේ. නව විදේශ ඇමැති රවී කරුණානායක මහතාගේ පළමු මෙහෙයුම වූයේ මේ ද්විත්ව පුරවැසියන් සොයා ගැනීමය....

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us