පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ශ්ව කිහිපයක්ම කටයුතු කිරීම ගැන ගොට්ටන් නඟන එක් ප්‍රධාන මැසිවිල්ල වී ඇත්තේ ගෝඨා දිනන නිසා එය වැලැක්වීමට අධිකරණය හරහා කටයුතුකරන බවය. මෙය තාක්ෂණික කාරණා මතු කර කරන තකකඩි වැඩක් බවත් වැඩි දුරටත් සඳහන්ව තිබේ. එපමණකින් නොනැවතී නන්දෙගේ සුදුසුකම ජනතාවගෙ ඡන්දයෙන් විමසා බැලිය යුතු බවත් යෝජනා වී තිබිණි.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාභයට එල්ල වී ඇති කූට ලේඛන චෝදනා සහ අමරිකානු පුරවැසිභාවය සම්බන්ධ චෝදනා නිසා නාම යෝජනා භාර දීම සිදුකිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා විකල්ප අපේක්ෂකයකු ‍තෝරා ගැනීමේ සාකච්ඡාවක් මේවන විට පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයත් අතර පැවැත්වෙමින් තිබේ.

උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද කොටාව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට අහිමි කිරීම සඳහා දෙමළ ජාතිවාදී කඳවුරේ ජනාධිපති අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට පොදුජන පෙරමුණේ අයිතිකරු බැසිල් රාජපක්ෂ මේ වන විට විශාල වෙහෙසක් දරමින් සිටින බව දැනගැනීමට තිබේ.

 2005 වසරට අදාළ ද්විත්ව පුරවැසි ලේඛනයේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් අංක අතර නොගැලපීමක් සොයාගැනීමට විමර්ශකයන් සමත්ව තිබේ.

නන්දසේන ගෝඨාභය වලංගු ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන බැවින්, ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකය තහනම් කරන ලෙස ඉල්ලා පසුගිය සිකුරාදා (27) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇත. සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තිරසාර ප්‍රතිපත්තියක් වැඩපිලිවෙලක් සහ ඒ සඳහා හැකියාවක් ඇත්තේ තමන්ට බවට නන්දොඩවමින් සිටින් නන්දසෙන ගොඨාභය සහ ඔහුගේ අනුගාමිකයන්ට රාජ්‍ය බයල අත්පත් කර ගැනීමට හැකිවුවහොත් ජාතික ආරක්ෂාවට සිදුවන්නෙ කුමක්ද යන්න ඊයේ රත්‍රියේදී කිරින්ද පුහුල්වැල්ලේදි ප්‍රදර්ශනය කරන ලදී.

එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කිරීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ එකඟත්වය ලබා දී ඇතැයි වාර්තා වේ.සමාජ මාධ්‍ය වල පළවූ ලෙස කොන්දේසිවලට යටත්වීමක් මෙහිදී සිදු නොවූ බවද පැවසේ.

සජිත් ප්‍රේමදාස සමඟ එක්ව පක්ෂයෙන් ඈත්වු ජයග්‍රහණය හෙට දිනයේ යළි තිර කිරීමට සියලු ශක්තිය උපරිමයෙන් යොදවන බවටත් තමන් කෙරෙහි තැබූ විශ්වාසයට උපරිම සාධාරණත්වය ඉටු කරන බවටත් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ප්‍රතිඥාවක් දෙමින් නිවේදනයක් නිකුත්කර තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us