රජය අද ඩොලර් බිලියනයක ණය ආපසු ගෙවයි ! විදේශ විනිමය ගැටළුවක් නෑ. - කබ්රාල්

Published in පුවත්
Tuesday, 27 July 2021 09:53

වර්තමාන විදේශ විනිමය සංචිත ශේෂය අද ඇමරිකානු ඩොලර් බිලියනයක ගෙවීමෙන් පසු ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් පමණ වන බවත්” රටට අපේක්ෂිත විනිමය ගලා ඒම් සහ පිටතට ගලායෑම සලකා බැලීමේදී ඉදිරි මාස කිහිපය තුළ රටේ විදෙස් සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවනු ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් පවසා ඇත.

අද (ජුලි 27දා) ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා රජය විසින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් ආපසු ගෙවීම සිදුවේ. ශ්‍රී ලංකාව අද දින ගෙවා නිමකළ යුතු ණය මුදල ඩොලර් මිලියන 106.5 කි. මෙම ණය 2011 වසරේ දී ලබාගත් ඒවා බවද වාර්තාවේ. එමෙන්ම 2021 අවසානයේ තවත් ඩොලර් බිලියන 1.3 ක ණයක් ගෙවීමට නියමිතය.

කෙසේ නමුත් විවේචකයන් විසින් ශ්‍රී ලංකාව දැවැන්ත විදේශ විනිමය ගැටළුවකට මුහුණ දී ඇති බවට කරුණු මේ මොහොතේ දී මතුකර සිටියද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා සිටින්නේ එවැනි අර්බුදයක් නොමැති බවය.

මේ ණය ආපසු ගෙවීමත් සමඟ 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවීමට ඉඩ තිබීම සලකා වසරේ ඉතිරි කාලය තුළ රටේ සංචිත නැවත ශක්තිමත් කර ගැනීමට රටට ඉඩ සැලසීමද සැලකිය යුතු කරුණක් බව ඇමැතිවරයා පවසයි.

විපක්ෂ කණ්ඩායම් කිහිපයක් ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත මට්ටම පිළිබඳව නොයෙකුත් අහිතකර අදහස් ප‍්‍රකාශ කරමින් සිටින අතර එහි අස්ථාවර තත්ත්වයක් ප‍්‍රකාශ කිරීමට උත්සාහ කර ඇති බව ද ඇමැති කබ්රාල් මහතා පෙන්වා දෙයි’

රටට වඩාත්ම වැදගත් වන්නේ රටට ගලාගෙන එන මුදල් ප‍්‍රවාහය මිස නිශ්චිත වේලාවක පවතින සංචිත මට්ටම නොවන බව අවධාරණය කළ යුතුය’ පළපුරුදු මූල්‍ය කළමනාකරුවන් සංචිත මට්ටමේ තාවකාලික උච්චාවචනයන් සිදුවිය හැකි බව හොඳින් දන්නා බැවින් මුදල් ප‍්‍රවාහයන් පිළිබඳ ඔවුහු දැඩි විමසිල්ලෙන් පසු වෙති’ මේ නිසා මුදල් ප‍්‍රවාහය සාර්ථකව කළමනාකරණය කිරීමෙන් කිසිදු අස්ථාවරත්වයක් ඇති නොවන බව එම මූල්‍ය කළමනාකරුවන් හොඳින් දන්නා බව ද ඇමැතිවරයා කියයි’

ශ‍්‍රී ලංකාව සිය බාහිර මුදල් ප‍්‍රවාහයන් සකස් කර ඇති අතර එමඟින් සෑම විදේශ විනිමය ණය ආපසු ගෙවීමක්ම සහ පොලී ගෙවීමක්ම නියමිත වේලාවට සිදු කරනු ඇත’ රටේ විදේශ විනිමය නළ මාර්ගයට අනුව ඉදිරි මාස 3 තුළ ගලා ඒම ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න බව ද මුදල් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි’

ඉන්දියාවේ විදේශ විනිමය හුවමාරු පහසුකමක් මගින් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක්ද” බංග්ලාදේශයේ විදේශ විනිමය හුවමාරු පහසුකමක් මගින් ඇමරිකානු ඩොලර් මිලියන 250ක්ද” චීන සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300 ක ණය මුදලක් ද” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශේෂ ගැනුම් හිමිකම් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 800 ක්ද ඉදිරි මාස 3 තුළ මහ බැංකුව විසින් විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් මිලදී ගැනීම මගින්ද” දේශීය බැංකු සතු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ගලා ඒම් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් සහ ඌන උපයෝජිත වත්කම් උපයෝගී කර ගැනීමෙන් අපේක්ෂිත ගලා ඒම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක්ද වශයෙන් මේ ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න විනිමය ලැබීම් රටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇමැතිවරයා කියා සිටී’

ඇමරිකානු ඩොලර් මිලියන 1,500 ක මුදලක් සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් මහජන චීන බැංකුව සමඟ විනිමය හුවමාරු පහසුකමක් ලබා ගැනීම සඳහා සාර්ථකව සාකච්ඡුා කර ඇති අතර එය ද අපේ සංචිත ශක්තිමත් වීමට හේතුවනු ඇතැයි ද පෙන්වා දෙන මුදල් රාජ්‍ය ඇමැතිවරයා මීට අමතරව” වසරේ ඉතිරි කාලය තුළ කල් පිරෙන ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර හෝ වෙනත් ණය වගකීම් සියල්ලම පියවීමට රජය කටයුතු කරමින් සිටින අතර එවැනි ණය වාරික කල් පිරීම් අපේ විදෙස් සංචිතය අඩු කිරීමට හේතු නොවනු ඇති බවද තවදුරටත් පෙන්වා දෙයි’

Leave a comment

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us