පෙරටුගාමීන්, සමසමාජය සමඟ සාකච්ඡා !

Published in පුවත්
Tuesday, 27 July 2021 09:58

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධානීන් සහ ලංකා සමසමාජ පක්ෂයේ නායකයන් අතර සාකච්ඡාවක් ඊයේ (26 දා) ලංකා සම සමාජ පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කළ ඉල්ලීමකට අනුව ශ‍්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව ලංකා සම සමාජ පක්ෂයේ ලේකම් තිස්ස විතාරණ මහතා සාකච්ඡාවලින් පසු මාධ්‍ය හමුවේ පැවසීය.

මෙම සාකච්ඡුා සඳහා ලංකා සමසමාජ පක්ෂය වෙනුවෙන් එහි ප‍්‍රධාන ලේකම් තිස්ස විතාරණ මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨයෝ සහභාගි වූහ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි ලේකම් කුමාර් ගුණරත්නම්, අධ්‍යාපනය ලේකම් පුබුදු ජයගොඩ, ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව යන මහත්වරුන් ඇතුළු නියෝජිතයෝ එක් වූහ.

සාකච්ඡාවලින් පසු කුමාර් ගුණරත්නම් මහතා කීවේ රටේ ආර්ථික අර්බුදය, දේශපාලන තත්ත්වය සහ කලාපීය දේශපාලන තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කළ බවය. රටේ ප‍්‍රශ්නවලට විසඳුම් වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කර ඇති යෝජනා මාලාව සම්බන්ධයෙන් වාමාංශික පක්ෂවල ස්ථාවරය දැන ගැනීමද මෙහි අරමුණු අතර වූ බව ඔහු කීවේය. ධන කුවේරයන්ගෙන් අඩුවෙන් බදු අයකර සාමාන්‍ය ජනතාවට වැඩි බදු බර පැටවීම සම්බන්ධයෙන් ද මෙහිදී ඵලදායී ලෙස සාකච්ඡා කළ බව ද ගුණරත්නම් මහතා පැවසීය. කොතලාවල පනත හරහා අධ්‍යාපනය විකිණීමට උත්සාහයක් ඇති බවත් ඒ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බවත් ඔහු කීවේය. ඉදිරියේදී එම පනතට සම සමාජ පක්ෂය නිලවශයෙන් විරෝධය දැක්වීමට නියමිත බව මෙහිදී ප‍්‍රකාශ වූ බව ද හෙතෙම කීවේය. ඉදිරියේ දී ජනතා විමුක්ති පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සමගද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ද සාකච්ඡා කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අපේක්ෂා කරන බව ද කුමාර ගුණරත්නම් මහතා කීවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us