ලංකාව සහ චීනය-ඉන්දියාවට ඇමරිකාවෙන් සම්බාධක !

Published in පුවත්
Tuesday, 27 July 2021 09:43

ඇමරිකා එක්සත් ජනපදය මගින් සම්බාධකවලට යටත් කරන ලද රටවල් අතර ශ්‍රී ලංකාවද සිටින බව චීනය ප්‍රකාශ කරයි. චීනයෝ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව, ඉන්දියාව හා චීනයද ඇතුළුව රටවල් 27ක් එක්සත් ජනපදයේ සම්බාධකවලට යටත් කොට ඇති බවයි.

දකුණු ආසියානු කලාපීය බලවතා වන ඉන්දියාවද රුසියාවෙන් ඩොලර් බිලියන 400ක් වටිනා මිසයිල පද්ධතියක් මිලදී ගැනීම හේතුවෙන් එක්සත් ජනපද සම්බාධකවලට යටත්වීමේ අවධානමකට මුහුණපා සිටින බව ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත. එම පුවත්පත ප්‍රකාශ කරන ආකාරයට අදාළ වාර්තාවන් සකස් කර ඇත්තේ එක්සත් ජනපදයේ රාජ්‍ය සහ මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තු වාර්තා මූලාශ්‍ර කර ගනිමිනි.

චීනයේ නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැති ෂී ෆෙන්ග් සහ එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් අතර ඊයේ (26දා) ද්වීපාර්ශ්වික සාකච්ඡා වටයක් ආරම්භ වූ අතර එම සාකච්ඡාවේ නව පුවත් යාවත්කාලීන කිරීමට සමගාමීව කොළඹ චීන තානාපති කාර්යාලය මෙම සම්බාධක පිළිබඳ පුවත අනාවරණය කර ඇත. චීනය කිසිදු දිනෙක ලොව කිසිදු රටක් බලහත්කාරයෙන් යටත්කරගැනීමට උත්සාහ කර නැති නමුත්, එක්සත් ජනපදය ලොව බොහෝ රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට කටයුතු කරමින් සිටින බවද චීන තානාපති කාර්යාලය අවධාරණය කරයි.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us