ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී ඔහු කියා සිටියේ ජූලි සහ අගෝස්තු මස අවසන් වන විට තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 10.5ක් මෙරටට ලැබීමට නියමිත බවයි. එම එන්නත් ලබාදීමෙන් එන්නත්කරණයද 80%කින් පමණ අවසන් වන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මෙරට ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් නිසා රට වසා දැමීම බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.
-පංචාලි අබේසේකර