යුධ තත්ත්වය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන් හට තමන් විශ්‍රාම ගිය පසුව ද ඔවුන්ගේ අවසන් වරට ලැබූ වැටුපට ම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින කාත් කල් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගොඨාභයට මෙවර ජනාධිපතිවරණයේදී තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි වාතාවරණයක් උදා වී තිබේ. 2017 සිට 2019 දක්වා කාලය තුල ඔහු ඡන්ද දායකයකු වශයෙන් ලියාපදිංචි වී ඇත්තේ හොර හැඳුම්පතකින් බව හෙළිදරව් වීම නිසා ඔහුට නීත්‍යානුකූලව සිය ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාවක් නැත.

පක්‍ෂයෙන් ඈත්වූ සියලු දෙනාට රට ගොඩනැගීමේ වැඩසටහනට යළි තමා සමඟ එක්වන ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

මින් ඉදිරියට ජනාධිපතිවරයා තමාට විරුද්ධව චෝදනා එල්ල කළහොත්, එසේ එල්ල කරන අවස්ථාවක් අවස්ථාවක් පාසා පිළිතුරු දීමට පුද්ගලිකව මැදිහත් නොවන බවත් චෝදනා තිබේ නම් ඒවා නිසි ස්ථානයන්හි මතුකරන මෙන් මම සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද විශේෂ විශේෂ ප්‍රකාශයක් නිකුත්කරමින් පවසයි.

වරක් වැන්දොත් කරපු පව් සියල්ල අහෝසි වෙනවා කියා කැලණි විහාරය සම්බන්ධයෙන් කතාවක් තිබේ. නන්දසේන ගෝඨාභය තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කැලණි විහාරයෙන් ආරම්බ කර, රට වටේ තිබෙන පන්සල් පල්ලි වල බඩගෑමට තවමත් කරමින් තිබේ. නන්දසේන සම්බන්ධයෙන් තිබෙන ප්‍රධාන චෝදනාව මිනිස් ඝාතන සම්බන්ධයෙනි. ඊට දෙවෙනිව හොරකම් වංචා චෝදනා ගනනාවකි.

එජාපයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ ගැටළුව නිරාකරණය කර ගැනීම වෙනුවෙන් අද උදේ 10.30 ට එජාප නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස,කතානායක කරු ජයසුරිය සහ උප නායක රවී කරුණානායක අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේදී පැවැත් වීමට නියමිතය.

2016 ඔක්තෝම්බර් මාසයේදී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරන ලද ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාභය විසින් 2017, 2018 සහ 2019 වසර වල ඡන්ද දායකයෙකු ලෙස ලියාපදිංචි වී ඇති බවත් හෙළිවෙයි.

ඊයේ රාත්‍රීයේ ඇමැති පාඨලී චම්පික හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රධානියකු වන රවී ජයවර්ධන සමඟ පැය කිහිපයක් පුරා පැවති සාකච්ජාවේ ප්‍රත්පල දැනුම් දීමෙන් අනතුරුව කතානායක කරූ ජයසූරිය ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us