එම අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, සියලුම රාජ්‍ය සේවකයින් ලබන මස 01 වැනි දා සිට නැවත සේවයට කැඳවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානයට යොමු කරන බවය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ද ලේකම්වරයා සඳහන් කර තබේ.
රාජ්‍ය ආයතනවල සේවකයින් සේවයේ අවශ්‍යතාව මත මේ වනවිට සතියට දින 02 ක කාලයක් සේවයට කැඳවනු ලබයි.
-පංචාලි අබේසේකර