ජනාධිපති සහ ශ්‍රී.ල.නී ප අතර සාකච්ඡාව ඉතා සාර්ථකයි ! නිමල් සිරිපාල කියයි !

Published in පුවත්
Monday, 26 July 2021 14:27

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් අතර අද (26) පෙරවරුවේ පැවැති සාකච්ඡාව ඉතා සාර්ථක බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා . ඒ එම පක්ෂය, ලිඛිතව ජනාධිපතිවරයාගෙන් කර තිබූ ඉල්ලීමකට අනුවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදාළ සාකච්ඡාවට සහභාගී වූයේ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

ඒ අනුව, ජනාධිපතිවරයා සමග පැවත්වෙන සාකච්ඡාවට සහභාගීවීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අද පෙරවරුවේ පක්ෂ සභාපතිවරයා සමග ද සාකච්ඡාවක නිරත විය. ඒ මහගමසේකර මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීය.

ජනාධිපතිවරයා සමග පවත්වන සාකච්ඡාවේදී අවධානයට ලක්කරන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ. ඉන් අනතුරුව ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවට සහභාගීවීම සඳහා ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබු බවයි වාර්තා වුයේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us