මන්නාරම පිහිටි ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනිවළෙන් මේ වන විට හමුව ඇති සිරුරු 250ක් හඳුනා ගැනීමට පර්යේෂකයන් උත්සාහ දරමින් සිටිනවා. අදාළ අස්ථි කොටස් ලබන ජනවාරියේ වැඩිදුර පරික්ෂණ සඳහා අමෙරිකා එක්සත් ජනපදයට යැවීමට නියමිතයි.

අභියාචනාධිකරණය විසින් හොර අගමැති සහ හොර ඇමැති මණ්ඩලයට එරෙහිව ලබා දුන් අතුරු තහනමට එරෙහිව මහින්ද රාජපක්ෂ ඇතුලු හොර ඇමැති මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට එම නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාග කරන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඊවා වනසුන්දරව ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ලෙස කටයුතු කිරීමට විශ්වාසය උපරිමයෙන් ඇති බව ට යෝජනාව සජිත් ප්‍රේමදස මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය

අද දින පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරය ලෙස බහුතරයේ විශ්වාසය පෙන්වීමට සූදනම් වීම නිසා කළඹල වී ඇති සිරිසේන ජනාධිපතිවරයා අද උදෑසනම, ටී එන් ඒ මන්ත්‍රීවරු සියලු දෙනා සිය නිවසට කැඳවා පොරොන්දු පිට පොරොන්දු දෙමින් ඔවුන්ගේ සහය රනිල්ට නොදෙන ලෙස ඉල්ලා තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත අනුව අගමැතිධුරය සඳහා නම් කළ යුතු බවට එජාපය අද (12) දින පාර්ලිමේන්තුව හමුවේ සම්මත කිරීමට බලාපොරොත්තුවන යෝජනාවට ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායමක සහය ලබා දෙන බව ඊයේ රාත්‍රියේදී රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සහතික වී තිබේ.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අත් හි‍ටුවන ලෙස ඉල්ලා අද දින අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමට නිතිමය පදනමක් නැති බව හෙළි වේ. මෙය මුලුමනින්ම ඔහු නීති විරෝධී ව්‍යාපාරයන් හී යෙදී සිටින බව හැඟවීමටත් මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළ හොත් අධිකරණය පක්ෂග්‍රාහීව කටයුතු කරන බව ප්‍රචාරය කිරීමේ චේතනාවෙන් සිදු කරන ලද කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බව පැහැදිලිය.

සිරිසේන ජනාධිපතිවරයාගේ ඔලුව පරික්ෂා කළ යුතු බවට මේ වන විට පත්ව තිබෙන ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ මහ මොළ කරුවා සම්බන්ධයෙන් ඉතා විශ්වාසදායක තොරතුරු අප වෙත ලැබී තිබේ.

ජනාධිපති සිරිසේන පසුගිය කාලයේ නටපු විගඩම් වලට හේතුව ඔහුගේ මානසික රෝගීභාවයක්දැයි පරික්ෂා කළ යුතු බවත් ඒ වෙනුවෙන් ආඥාවක් ලබා දෙන මෙන් ඉල්ලා ඊයේ (10) අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවේය.

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us