මෙරට විදෙස් විනිමය උපයන ප්‍රධාන අපනයන භෝගය වන තේ කර්මාන්තය ද සිය 121 වසරක ඉතිහාසය තුළ දැවැන්ත කඩා වැටීමකට ලක් වෙමින් යන බව රාජ්‍ය අංශ පවසනවා. නියඟය, දේශපාලන අස්ථාවරත්වය සහ තේ වතු සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් මෙම අභාග්‍ය සම්පන්න තත්වයට මුහුණ දීමට සිදු වී තිබෙනවා. ඒ අනුව තවදුරටත් තේ අපනයනය හා වෙන්දේසිය දේශපාලන කැළඹීම් හමුවේ පරිපාලනයේ නොසැළකිලිමත්කම නිසා අකර්මන්‍ය වී ඇති බව තේ ව්‍යාපාරිකයන් කියා සිටිනවා.

පුරවැසියන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් යුතුව මානසික රෝගී ආඥාපනත හරහා ජනාධිපති සිරිසේනගේ මානසික සෞඛ්‍ය මට්ටම යහපත්ද යන්න විමසා බැලීමට අවශ්‍ය කටයුතු සකස්කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලේනා බී ටෙප්ලිට්ස් මේ වන විට රටේ ඇති අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා. ඒ මහනුවර අමෙරිකානු කේන්ද්‍රයේ පැවති වැඩසටහනකට සහභාගී වූ අතරතුරේදීයි.

ඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකොට තිබු සේනානායක මහත්වරුනගේ නම් සඳහන්ව පැවති නාම පුවරුව මේ වන විට ඉවත් කොට ඇත.

අභියාචණාධිකරණය විසින් හොර අගමැති හා හොර ඇමැති මණ්ඩලයේ කටයුතු එම නඩු විභාගය අවසන් වන තෙක් අත් හි‍ටුවා තිබීම නිසා 2019 වසර සඳහා රජයේ කිසිදු වියදමක් දැරීම හැකියාව අහෝසි වී තිබේ.

සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව අධිකරණය හමුවේ විභාග වන නඩු වලින් පරාජයට පත් වීමේ බරපතල අවධානමක සිටින සිරිසේන සහ මහින්ද කණ්ඩායම් වල මාධ්‍ය ඒකක විසින් මේ වන විට එම විනිසුරුවරුන්ට එරෙහිව දැවැන්ත මඩ ප්‍රහාරයන් දියත් කරමින් සිටී.

පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ විදෙස් වානිජ සමාගම් පවසනවා. ශ්‍රී ලංකාවේ යුරෝපා වානිජ මණ්ඩලය (ECCSL), අමෙරිකානු වානිජ මණ්ඩලය ( AMCHAM) හා ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වානිජ මණ්ඩලය (AHK Sri Lanka) නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව පවසන්නේ.

සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදු කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය මුලුමනින්ම අසාර්ථක වීම නිසා මේ වන විට සිරිසේනගේ සම්පූර්ණ අවධානය යොමුව පවතින්නේ එක්සත් ජතික පක්ෂය දෙකඩ කිරීම වෙනුවෙනි. අද අමවුබිම සහ සිලෝන් ‍ටුඩේ පුවත්පත්වල පළ කර තිබෙන ' රවී කරුණානායකට එජාප ආණ්ඩුවේ මුදල් ඇමැතිකම දෙන්වා යැයි ලිඛිත පොරොන්දුවක් දී ඇති..' බවට වන පුවත ඒ අනුව නිර්මාණය වූවකි.

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us