ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී සියලුම පාර්ලිමේන්තු නියෝජිතවරුන් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල , එම්. ඒ . සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට කොවිඩ් 19 අසාදනය වී නොමැති බව ආරංචි මාර්ග සදහන් කරනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමේ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක බවත් අඛණ්ඩව එම වැඩසටහන සිදු කෙරෙන බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

අද සිට ක්‍රියාත්මක හුදෙකලා කිරීම,හුදෙකලා බව ඉවත් කිරීම හා තවදුරටත් හුදෙකලා බව පවත්වාගෙන යාම පිළිබඳ තොරතුරු ඇතුලත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

note 1

2020 ඔක්තෝම්බර් 15 වැනි දින නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අදාළව ආයතන තුළ කටයුතු සිදු වන්නේ ද යන්න සොයා බැලීම සදහා අද සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

වාසුටත් කොරෝනා !

Published in පුවත්
Monday, 11 January 2021 10:37

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරට කොවිඩ් 19 අසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය විය.

ජනවාරි 8 වන දින බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට ද කොවිඩ් ආසාදිත බවට තහවුරු විය.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ගේ සමීප ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ හඳුනාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ, රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සහ කුමාරසිරි හෙට්ටිගේ පාර්ලිමේන්තුවට පැමිණ ආපසු යන තෙක් වූ CCTV දර්ශන මඟින් එම ආශ්‍රිත මන්ත්‍රීවරු හඳුනාගෙන ඇති බවය.

පසුගියදා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඇතිව යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් කඩා දමන ලද යුද්ධය නිසා මළවුන් සිහිකිරීම පිණිස වූ ස්මාරකය නැවත ගොඩනැගීමට එම පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ලබන මස අවසානයට පෙර කොරෝන එන්නත ලබා දීමට කටයුතු බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ සදහන් කරනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us