සතියකට රට වසන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය කාර්යමණ්ඩල අද නිහඬ විරෝධතාවයක !

Published in පුවත්
Wednesday, 18 August 2021 11:22

රට විද්‍යානුකූල පදනමකින් වසා දැමීමට කටයුතු කරන ලෙස බල කරමින් සෞඛ්‍ය කාර්යමණ්ඩල අද (18 වැනිදා) දහවල් තෝරාගත් රෝහල් ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේවනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කොවිඩ් මරණ හතරක් වාර්තා වී ඇති බවත්, හෙද නිලධාරීන් දහසකට පමණ සහ සෞඛ්‍ය සේවකයන් පන්දහසකට පමණ කොවිඩ් ආසාදිත වී ඇති බව ද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
එම නිසා ඔවුන් රජයට බල කර සිටින්නේ සතියක කාලයකට රට වසා දමන ලෙසයි. ඒ වගේම අත්‍යවශ්‍ය නොවන රෝගීන් රෝහල්වලට ඇතුළු කිරීම නතරකර රෝහල්වල ඇඳන් දසදහසක් වෙන්කර තබන ලෙසද ඔවුහු යෝජනා කරයි.

තවද ඇඳන් ලක්ෂයක ධාරිතාවය ලැබෙන ලෙස විවෘත බාහිර ප්‍රතිකාර මධ්‍යස්ථාන හමුදාව මගින් පෞද්ගලික අංශයේද සහයෝගය ඇතිව ගොඩනැගීම මෙන්ම සතියකට සරිලන ලෙස පී.සී.ආර්. කට්ටල ලක්ෂ හතක් පමණ සූදානම් කර දිනකට පී.සී.ආර්. ලක්ෂයක් සිදුකිරීමට කටයුතු කරන ලෙසද ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us