නිවෙස් නිරෝධායනය වන අයට සහන මල්ලක් !

Published in පුවත්
Wednesday, 18 August 2021 21:48

නිවෙස් නිරෝධායනයට යොමු කර සිටින ජනතාව වෙනුවෙන් සහන මල්ලක් ලබාදෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද(18) පෙරවරුවේ පිටකොටුව වෙළෙඳ සැල් පරික්ෂා කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.

එය සතොස මගින් නොමිලේ ලබාදෙන අතර ලබන බ්‍රහස්පතින්දා සිට එම වැඩපිළිවෙළ ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව නිවසටම එම සහන මල්ල ලබා දීමට කටයුතු කරන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

''බඩගින්නේ මිනිස්සු මැරෙන්න ඉඩ තියන්නේ නෑහැ '' යනුවෙන් සදහන් කල අමාත්‍යවරයා සමස්ත ලෝකයටම බලපා ඇති ආර්ථික අර්බුදය හා ජනතාවට බලපා ඇති සෞඛ්‍යමය වශයෙන් අහිතකර තත්වය හමුවේ ස්වයං නිරෝධායනයට සම්පූර්ණයෙන්ම ඉඩ පවතින බවත් , අත්‍යවශ්‍ය සේවාවන් ලෙස සලකා සතොස හා සමූපකාර අලෙවිසැල් මෙන්ම ආර්ථික මධ්‍යස්ථාන, රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව හා Q-shop පාරිභෝගිකයා වෙත විවෘත කරනු ලබන බවත් එහිදී ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් අමාත්‍යවරයා එහිදී සදහන් කර සිටියේ සෞඛාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින්, එන්නත්කරණය සිදු කර අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම මේ අවස්ථාවේදී අතිශයින් වැදගත් බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us