නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමවේදය තුළ අපි කිසිම රෝගියෙක් අතහැරලා නැහැ - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

Published in පුවත්
Thursday, 19 August 2021 09:36

නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,000 සීමාවට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඔවුන් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව මේ නිවෙස්ගතව ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවය.

නිවෙස්වල නිරෝධායනයේ සිටින කොරෝනා ආසාදිතයින්ට, රෝගය උත්සන්න වුවහොත්, ඔවුන් රෝහල් කරා රැගෙන එන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. දකුණු පළාත, උතුරු පළාත, සබරගමුව යන පළාත්වල ද නිවෙස් නිරෝධායනය සඳහා කොරෝනා රෝගීන් ලියාපදිංචි කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

මේ අතර කොවිඩ් -19 ආසාදිතව නිවෙස් නිරෝධායනයේ යෙදෙන ඇතැම් පිරිස් නිසි වෛද්‍ය අධීක්ෂණයෙන් තොරව කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කළේ, කිසිදු පුද්ගලයෙකු සෞඛ්‍ය අංශ දැනුම්වත් කිරීමකින් තොරව නිවෙස් නිරෝධායනය සඳහා යොමු නොවිය යුතු බවය.

"නිවෙස් තුළ තබා ප්‍රතිකාර කරන ක්‍රමවේදය තුළ අපි කිසිම රෝගියෙක් ව අතහැරලා දාන්න කටයුතු කළේ නෑ. ඔවුන්ව වෛද්‍ය අධීක්ෂණයක් යටතේ තමයි දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වෙමින් තමයි රඳවා ගන්න කටයුතු කළේ. නමුත් මේ අවස්ථාවේ දී සමහර රෝගීන් මේක වරදවා තේරුම් අරගෙන මේ ක්‍රමවේදය සමඟ සම්බන්ධ නොවී නිවෙස් තුළ රැඳෙන්න ගත්තා. ඒ වගේම සමහර රෝගීන් ඇත්තටම රෝගීන් බව දන්නේ නැති හඳුනාගෙන නැති රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. අද දවසේ අපි රෝහල්වල විශේෂයෙන් ම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල්වල අපිට දකින්න ලැබෙනවා ඉන්න අයගෙන් සියයට 50ක් විතර ඔක්සිජන් සැපයුමක් අවශ්‍ය විශාල සංකූලතා සහිත රෝගීන්."

මේ අතර මෙරට තුළ කොවිඩ් -19 වෛරසයේ ඝනත්වය ඉහළ යාම හේතුවෙන් විකෘති වෛරස් ප්‍රභේද ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගීතාල් පෙරේරා මහතා පැවසුවේය.

"සමාජය තුළ තියෙන වෛරස් ප්‍රමාණය එක ලෙඩෙක් ගාව 1‍,000ක් තියෙනවා කියලා. ලෙඩ්ඩු 10,000ක් ඉන්නවා නම් එතැන විකෘතියක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා වෛරස් ඝනත්වය අඩුවෙන් තියෙනවා නම් අපේ සමාජයේ එතැන විකෘති ඇතිවීමේ හැකියාව අඩුයි. නමුත් වෛරස් ඝනත්වය වැඩිවෙන කොට ඒ කියන්නේ හැමෝම ළඟ වෛරසය තියෙද්දි කොහේ හෝ තැනක වෛරස් විකෘතියක් ඇති වීම වළක්වන්න අමාරුයි." යනුවෙන් සදහන් කර තිබෙනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us