නිවෙස් ප්‍රතිකාරවල අධීක්ෂණ කටයුතු සඳහා වෛද්‍යවරු 1500ක් !

Published in පුවත්
Thursday, 19 August 2021 09:50

නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන්ගේ අධීක්ෂණ කටයුතු සඳහා ඉදිරි සති කිහිපය ඇතුළත වෛද්‍යවරු 1500ක ප්‍රමාණයක් යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීක වෛද්‍ය සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති කරුණාරත්න සඳහන් කළේ මේ වන විට නිවෙස්වල ප්‍රතිකාර ලබන ආසාදිතයන් අධීක්ෂණය කිරීමට වෛද්‍යවරු නවසිය දෙනකු (900) සහ විශේෂඥ වෛද්‍යවරු 28 දෙනකු යොදවා ඇති බවයි. මෙම වෛද්‍යවරුන්ගෙන් අවශ්‍ය උපදෙස් 1390 දුරකතන අංකයට ලියාපදිංචි වූ ආසාදිතයන්ට ලබාගත හැකි බවත් ඇය සදහන් කර තිබේ.

ඊයේ (18 වැනිදා) පස්වරුව වන විට නිවෙස්වල ආසාදිතයන් 5110දෙනකු ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. පසුගිය ජුනි මස 07 වැනිදා සිට ඊයේ (18 වැනිදා) වන තෙක් ලියාපදිංචි වී ඇති රෝගීන් සංඛ්‍යාව දාසය දහස් දෙසිය අසූ දෙකකි (16282).

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us