සැප්. 30 වන විට 18ට වැඩි සියළු දෙනා එන්නත් කර අවසන් !

Published in පුවත්
Thursday, 19 August 2021 10:45

කොවිඩ් වසංගතයේ බලපෑම අවම කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ සැප්තැම්බර් මස 30 වන දා වන විට වයස අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයන් එන්නත් කොට අවසන් කිරීමට රජය සැලසුම් කර තිබේ.

ඒ අනුව දළ වශයෙන් මෙරට ජනගහනයෙන් ලක්ෂ 156කට එන්නත් ලබාදීම රජයේ අරමුණ වී තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය වන එන්නත් මාත්‍රා ප්‍රමාණය ලක්ෂ 31කි.

අගෝස්තු මස 09 වැනිදා වන විට විවිධ මූලාශ්‍ර ඔස්සේ ලැබී තිබු එන්නත් සංඛ්‍යාව 19,490,630ක් වන අතර පසුගිය සතිය තුළද එන්නත් විශාල ප්‍රමාණයක් මෙරටට ලැබී තිබිණි.
ඒ අනුව වයස අවුරුදු 30ට වැඩි පිරිස් එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට පළමු මාත්‍රාව 140 ලක්ෂයකට පමණද දෙවැනි මාත්‍රාව 60 ලක්ෂයකට පමණ ද ලබා දී අවසන් කොට ඇත.

වයස අවුරදු 18ට වැඩි පිරිස් සහ වයස අවුරුදු 12-18 කාණ්ඩයේ දරුවන් වෙත එන්නත් ලබාදීම සඳහා බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශන කමිටුවේ නිර්දේශ මත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 90ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 140ක් මිලට ගැනීමට රජයේ අවධානය යොමුව ඇත.

ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 157.5ක මුදලක් වෙන් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය රජයෙන් ඉල්ලා තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us