අභියෝග මැද වුවත් ජාතික ආරක්ෂාව ගැන සීරුවෙන් !

Published in පුවත්
Thursday, 19 August 2021 13:20

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමත් සමග අන්තවාදී සංවිධාන හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මෙරටට හා කලාපයට ඇති බලපෑම සම්බන්ධව විශේෂ අවධානය යොමු කිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇත.

මේ සම්බන්ධව විශේෂ සාකච්ඡා කිහිපයක්ම පැවැති බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානියකු මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා.
තලේබාන් සංවිධානය වෙත බලය යාමත් සමග ජිහාඩ් හා අයි.එස්. සංවිධානවල සාමාජිකයන් සමග සබඳතා පැවැත්වූ මෙරට අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයත්, ඇෆ්ගනිස්ථානය කේන්ද්‍ර කරගත් හෙරොයින් ජාලයට සම්බන්ධවූවන් ගැනත් වැඩි අවධානය යොමු කිරීමට තීරණය කර ඇත.
පසුගිය වකවානුවේදී ඇෆ්ගන් සීමාවෙන් මත්ද්‍රව්‍ය එවිමේදී මෙරටට අවි ආයුධ එවීමට පටන් ගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු වී
තිබේන බව වාර්තා වේ.

එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධාන හමුදා විසින් වසර 20 කට ආසන්න කාලයක් පවත්වාගෙන යන ලද මෙහෙයුමට වේගවත් අවසානයක් ගෙන දෙමින් තාලිබාන් සංවිධානය පසුගියදා ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අල්ලා ගනිමින් ජයග්‍රහණය කළේ ඒ අයුරිනි.
කෙසේ හෝ තලේබාන් සටන්කාමීන් කාබුල් අගනුවරට ඇතුළු වීමත් සමග ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි ජාතිය හැර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ .

සති දෙකක් වැනි කෙටි කාලයක් තුළදී රටේ එරට පළාත් 34 න් 26 ක්ම අල්ලා ගත් තලේබාන් සටන්කාමීන් පසුගියදා කාබුල් නගරය වටලා ගැනීමෙන් පසු සාමකාමී ලෙස බලය හුවමාරු කර ගැනීම සඳහා වූ සාකච්ඡා මධ්‍යයේ ජනාධිපතිවරයා මෙලෙස රට හැර බවතයි එරට මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් මෙම සිදුවීම පහසුවෙන් ලෝකයට බැහැර කල නොහැක්කක් වන්නේ මෙය ලෝකයාටම රතු එළියක් නිසාය. එම නිසාම ලංකාවේ ආරක්ෂක අංශද මේ වන විට සීරුවෙන් සිටිමින් රටෙහි ආරක්ෂව වෙනුවෙන් පුළුල් මෙහෙයුම් පැවැත්වීම ආරම්භකර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබදව කතා කරද්දී ඉතිහාසයේ වැඩිම බිදවැටීම සිදුවුයේ පසුගිය යහපාලන සමය තුළ සිදු වූ පාස්කු ප්‍රහාරයයි. රාජ්‍ය බුද්ධි අංශ වලින් අනුහත් වතාවක් දැනුම් දුන්නද එය කණකට නොගත් පාලකයින් නිසා අහිංසක ජනතාවගේ ජිවිත දෙසිය හැටඅටක් වන්දි ගෙව්වේ එදා ලෝකයම කම්පාවටත්, පුදුමයටත් පත්කරමින්ය. එදා ජාතික ආරක්ෂාවේ දුර්වලකම නිසා බැට කෑ ජනතාව පාලකයා ගැන තැබූ විශ්වාසය බිංදුවටම වැටුන පසු ජනතාවගේ එකම ප්‍රාර්ථනය වුයේ නිදහසේ හුස්ම ගැනීමට හැකි හෙට දවසක් ගැනය. ඒ නිසාම 7වන විධායක ජනාධිපතිවරයා වශයෙන් 69 ලක්ෂයකගේ බහුතර ජන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන්නේය. ජනතාව කිසිදු කුහුළක් නොමැතිව ජන්ද පොලට ගොස් එදා දෙවරක් නොසිතා කතිරය ගැසුවේ රාජපක්ෂලා ගැන තැබූ විශ්වාසය නිසාමය.

30වසරක් කුරිරු එල්.ටි ටී යිය යුද්ධයෙන් බට කෑ ජනතාවට එදාද පිහිට වුයේ රාජපක්ෂලා බව අමුතුවෙන් මතක් කළ යුතු නැත. තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථාන යටත් කරගත්තා මෙන් එදා රාජපක්ෂලා නොසිටින්න මේ පුංචි දිවයිනේ සුළගට ලෙළදෙන්නේ සිංහ ධජය වෙනුවට ඊලම් කොඩිය. එය ජනතාවට අමතක වී නැතැයි අප සිතමු. තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථාන අල්ලන විට එරට ජනාධිපති අෂ්රෆ් ඝානි ජාතිය හැර යන්නේ ලෝකයේම අවදානයට පත්‍ර වෙමින්ය. මහජන ජන්දයකින් තේරී පත්වන නායකයෙකු රටට වගකිව යුතුය. ජනතාවට වගවිය විය යුතුය. රාජ්‍ය නායකයින් ජන්දය දුන් නොදුන් සියලු ජනතාව ආරක්ෂා කරන බවට පොරොන්දු දෙන්නේ එනිසාය..තලේබානුවන්ට බියෙන් තම නිදහස ගැන පමණක් සිතා තම රාජයෙන් හොර රහසේ පලාගිය අෂ්රෆ් ඝානි මෙන් එදා රාජපක්ෂලා පලා ගියේ නැත. අදද කොතරම් අභියෝගාත්මක කාල වකවානුවක වුවද රටෙහි ආරක්ෂව පිළිබදව වගවීමෙන් කටයුතු කරමින් අදද එම නායකත්වය පලා නොයන්නේ පුරවැසියාට නිදහසේ හුස්ම ගැනීමට රටක් ඉතිරි කර දීමටය.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us