දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටළුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර ඇත.

ආගමික හා සංස්කෘතික අනන්‍යතාවයන් ඉස්මතුවන නම් සහිත දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කරයි.

පසුගියදා පස්සරදී, පුද්ගලයන් 15 කට මරු කැඳවමින් සිදු වූ බස්රථ අනතුරෙන් පසුව, ගෙවීගිය, භාවිතයෙන් ඉවත් කළ යුතු තත්ත්වයේ පවතින ටයර් සහිතව ධාවනය වන රථ වාහන පිළිබඳව පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරිණි.

නව ව්‍යවසායකයින් ලෙස ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසෙන තරුණ ප්‍රජාවට මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් වන්නේ සිය ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට ප්‍රමාණවත් මූල්‍ය සම්පත් නොමැති වීමයි.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිකිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන තීන්දුව මේ මස 31 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

බස්නාහිර පළාතේ සියලු පාසල්වල සියලුම ශ්‍රේණි ලබන 29 වන දා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේනවා.

වාහනවල අංක තහඩුවේ පළාත හැඳින්වෙන ඉංග්‍රීසි අක්ෂරය ඉවත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට හිමිව ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු කියා සිටියේ තවත් මාස දෙකක් ඇතුළත මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිය හැකි බවයි.

රූපවාහිනී වැඩසටහන්වලදී ජාතීන් අතර අසමගිතාවක් ඇති කරන ප්‍රකාශ සිදු කර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිසිය අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us