මැතිවරණ කොමිෂන් සභාවෙන් නව තීන්දු රැසක් !

Published in පුවත්
Friday, 01 October 2021 21:23

මැතිවරණ කොමිෂන් සභාව විසින් සකසා ඇති මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය එම කොමිෂන් සභාවටම ලබාදෙන ලෙස එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් ඊයේ (30) පැවසීය.

එම මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට යොමුකර අනුමත කර ගැනීම අත්‍යාවශ්‍ය බවද හෙතෙම එහිදී කීවේය.

මැතිවරණ සමයේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළිවලක් පැවතිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම,විවිධ හේතු මත දිගින් දිගටම ප්‍රමාද වන පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා සහය දක්වන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති,සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේය.

වර්තමානයේ ක්‍රියාත්මක පළාත් පාලන ජන්ද විමසීමේ පනත යටතේ පවතින අපේක්ෂකයන්ගේ ඇප අවලංගු කිරීමේ ක්‍රමවේදයේ පුළුල් සංශෝධනයක් සිදුවිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාවේදී සඳහන් කළේය.

ආබාධිත අයට ජන්දය භාවිත කිරීම සඳහා ජංගම ජන්ද භාවිත කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවටද එම කොමිෂන් සභාව මෙහිදී යෝජනා කළේය. දෑස් නොපෙනෙන පුද්ගලයින්ට බේල් ක්‍රමය ඔස්සේ ජන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීමට හැකි වන පරිදි නව සංශෝධන සිදුකළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාවේ මතය විය.

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ජන්දබලය ආරක්ෂා වන පරිදි නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔවුහු පෙන්වා දුන්හ.

නාම යෝජනා භාර දෙන අවස්ථාවේදීම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත්, මැතිවරණ ආචාර ධර්ම නීතිගත කිරීමට කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාව හමුවේ කීවේය.

විද්‍යුත් ජන්ද ගණනය කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව කොමිෂන් සභාවේ මතය වු අතර, ජන්දපොළ තුලදීම ජන්දය ගණන් කිරීම වඩාත් ප්‍රායෝගික බව කාරක සභාවේ සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම එකම පුද්ගලයෙකුට ස්ථාන 02 කදී ජන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිය ලබා දී ඇති අවස්ථා වාර්තා වන බව කාරක සභා සාමාජිකයෝ මැතිවරණ කොමිෂන් සභාවට පෙන්වා දුන්හ. මැතිවරණ කාල සීමාව තුළ සිදුවන වැඩවර්ජන සහ උද්ඝෝෂණ නිදහස් හා සාධාරණ මැතිවරණයකට විශාල බාධාවක් බව කොමිෂන් සභාව කාරක සභාවේදී අවධාරණය කළේය.

යම් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ විට අතුරු මැතිවරණයක් පවත්වා එම පුරප්පාඩුව සම්පූර්ණ කිරීමට ක්‍රියා කිරීමේ අවශ්‍යතාවද කාරක සභාවේදී සාකච්ජා විය.

මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්,රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරුද සභභාගි වූහ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම් ලබන 07 වැනිදා පැවැත්වෙන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නීය.

-ITN

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us