තවත් ෆයිසර් ලක්ෂ 4ක තොගයක් මෙරටට !

Published in පුවත්
Friday, 01 October 2021 21:38

තවත් ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 4ක තොගයක් මෙරටට ලැබී තිබේ. එම එන්නත් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ලැබී ඇත.

මේ අතර කොළඹ, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ වයස අවුරුදු 12 - 19ත් අතර ආබාධිත සහ සංකූලතා සහිත දරුවන්ගේ එන්නත්කරණ වැඩසටහන අද සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල රජයේ රෝහල්වලදී ආරම්භ කෙරුණි.

මුදල් නොගෙවීම නිසා රජයේ රෝහල්වලට අවශ්‍ය ඔක්සිජන් සැපයීම, තාවකාලිකව නැවැත්වීමට සැපයුම්කාර පෞද්ගලික සමාගම් පියවර ගැනීමේ පුවතක් පසුගිය 29 වනදා අනුරාධපුර මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වාර්තා වුණි.

කෙසේවෙතත් ඊට අදාළ මුදල් මේ වනවිට සැපයුම්කාර සමාගම් වෙත ගෙවා අවසන් බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශය අද (01) ප්‍රකාශ කර තිබේ.

එම අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මේ සම්බන්ධයෙන් කියා සිටියේ මෙවන් අදහසකි.

"ලංකාවට ඔක්සිජන් ටොන් 1,580ක් ආනයනය කරලා තිබුණා. ඒ වගේම අනෙක් ආයතනය 98ක් පමණ ආනයනය කරලා තිබුණේ. ඒ සඳහා අපි මිලියන 153ක් ගෙවලා තියෙනවා එක් ආයතනයකට. අනෙක් ආයතනයට ගෙවීම් කරන්න බිල් ඉදිරිපත් කරලා නෑ. ඒක කරන්න සැලසුම් කරලා තියෙනවා." යනුවෙන් සදහන් කර ඇත .

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us