දරුවන් සදහා විශේෂ අධිකරණයක් !

Published in පුවත්
Saturday, 02 October 2021 09:22

දරුවන් සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ළමුන් සම්බන්ධ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා එමඟින් අපේක්ෂා කරන බවය.

දරුවන් සම්බන්ධ නීතී රැසක් සංශෝධනය කිරීමට ද පියවර ගනිමින් සිටින බව ද අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කළේය.

"අපි විවිධ පාර්ශවයන් එකතු කරගෙන දරුවන් සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය වැඩිදියුණු කිරීමට කටයුතු කරනවා. එමඟින් අපි බලාපොරොත්තු වෙන්නේ දරුවන් සම්බන්ධයෙන් පවතින නඩු වඩා ප්‍රගතිශීලි පරිසරයක දරුවන්ටම වෙන්වු උසාවියක සිට සාක්ෂි දීමේ ක්‍රමවේදයක්, ඒ නඩු හඳුනාගෙන ඉක්මනින් ඉවර කිරීමේ ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. එහෙම වුණාම පොදුවේ ලංකාව තුළ දරුවන් සම්බන්ධයෙන් වු නීතියේ විශාල ප්‍රතිසංස්කරණ රාශියක් සිදුකරගෙන යනවා. අවුරුදු 18ට වඩා අඩු තරණයින් ට මරණ දඬුවම දීම අපි නීතියෙන් වෙනස් කරලා තියෙනවා. මොකද ඒ දරුවන්ට යළි අවස්ථාවක් ලබාදීම සඳහා ජාත්‍යන්තර පද්ධතිය හා සමාන. ඒ ඇරුණම ළමා විවාහ සම්පූර්ණයෙන් ම මේ රටේ තුරන් කිරීම සඳහා අදාළ නීති ප්‍රතිසංස්කරණ ගෙන යමින් පවතිනවා."

මේ අතර දරුවන් සම්බන්ධ නඩු විභාගයන් පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ද ඊයේ (01) කොළඹ පැවති උත්සවයකදී අදහස් පළ කරමින් සඳහන් කර සිටියේ, අපයෝජනයට ලක්වු දරුවන් එම සිදුවීම් පැමිණිලි කිරීමේ ක්‍රියාවලිය තුළ කිහිප වතාවක් අපයෝජනයට ලක්වන බැවින් එම සාක්ෂි වීඩියෝ තාක්ෂණය මඟින් ලබාගෙන උසාවියට ඉදිරිපත් කිරීම ට බලාපොරොත්තු වන බවය.

එම උත්සවයට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද ළමුන්ට සිදුවන විවිධ අපයෝජන සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේය.

"ළමයින්ට වෙන අපරාධ අතර බහුලව සිදුවන්නේ, ලිංගික අතවර. අද අපිට තියෙන ප්‍රධානම අභියෝගය තමයි සයිබර් අවකාශය තුළ ළමයින්ට සිදුවන ලිංගික අපයෝජන.එක් අතකින් ළමා අපචාර වළැක්වීමට මෙන්ම අනෙක් පැත්තෙන් අපරාධකරුවන්ට ඉතා ඉක්මනින් දඬුවම් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන්න නීතිපතිවරයා සමඟ කථා කරලා වැඩපිළිවෙලක් සකස් කරනවා." යනුවෙන් සදහන් කර ඇත.

- පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us