මුරුන්කන් පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණ තොරතුරකට අනුව ක්ෂණික මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂා කිරීමේදී අණ නොතකා කුඩා ලොරි රථයක් නොනවත්වා ධාවනය කර තිබෙනවා.
පසුව එය හඹාගිය පොලීසිය වාහනය අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඒ තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9 යි ග්‍රෑම් 920 ක් තිබූ බවයි පොලීසිය සදහන් කළේ. එහි සිටි සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් දෙදෙනා වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් මුරුන්කන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භකර තිබෙනවා.
-පංචාලි අබේසේකර

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														