මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයක් රටට යෝග්‍යයි - මැතිවරණ කොමිෂන් සභාව

Published in පුවත්
Friday, 01 October 2021 14:18

මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයක් රටට යෝග්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ මතය යැයි එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේදී ඊයේ (30) පැවැසීය.

මේ අතර මැතිවරණ විනිශ්චයාධිකරණයක් අලුතින් පිහිටුවිය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට යෝජනා කර ඇත.

දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා නව වැඩපිළිවෙළක් සැකසිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එම විශේෂ කාරක සභාවේදී කරුණු දක්වමින් පැවැසීය.

සමහර දේශපාලන පක්ෂ යම් යම් දිස්ත්‍රික්කවලට පමණක් සීමාවී බවත් පක්ෂ ලියාපදිංචි කිරීමේ නිර්ණායකවලද ගැටලු මතුව ඇති බවත් හෙතෙම එහිදී කීවේය.

දේශපාලන පක්ෂ ජාතික වශයෙන් පිළිගත්, ලියාපදිංචි සහ ප්‍රාදේශීය පක්ෂ ලෙස වර්ගීකරණය කර ඒවා ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඇතිකළ යුතු බවටද නිමල් පුංචිහේවා මහතා කාරක සභාවට යෝජනා කළේය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (29)රැස්විය.

තවද නාමයෝජනා බාරදීමේදී මතුවන තාක්ෂණික ගැටලු නිරාකරණය සඳහා අවම වශයෙන් පැය 24 ක කාලයක් ලබා දිය යුතු බවටද මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාවේදී යෝජනා කළේය.

ස්වාධීන දේශපාලන පක්ෂවලට පමණක් සීමාවී ඇති ඇපමුදල් තැන්පත් කිරීම පිළිගත් දේශපාලන පක්ෂ සඳහාද අදාළ කරගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීහු එහිදී ප්‍රකාශ කළහ.

ඇප මුදල් තැන්පත් කිරීමේ ක්‍රමවේදය කාලිනව සංශෝධනයට කළ යුතු බවද ඔවුහු පැවසූහ.

නිල ජන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව මඟින් පමණක් සිදු කෙරෙන හෙයින් ඒ වෙනුවෙන් විකල්ප ක්‍රමවේද භාවිත කිරීමේ අවශ්‍යතාවද කොමිෂන් සභාව කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

මැතිවරණයක ජන්දය භාවිත කිරීමේ වේලාව අවසන් වනවිට පොලිම්ගතව සිටින ජන්ද දායකයන්ට ජන්දය භාවිත කිරීමට හැකිවන පරිදි මැතිවරණ නීති සංශෝධනය කළ යුතු බවටද කොමිෂන් සභාව යෝජනා කළේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර සංඛ්‍යාව 225 ලෙසම පැවතිය යුතු බවත් ඉන් 140 ක් කොට්ඨාස මට්ටමින්ද 70 ක් දිස්ත්‍රීක් සමානුපාතික ක්‍රමයෙන්ද 15 ක් ජාතික ලැයිස්තුවෙන්ද තෝරා ගත යුතු බවට හෙතෙම යෝජනා කළේය.

නාම යෝජනා බාරදී අවසන්වූ පසු අපේක්ෂකයන්ට තැපැල් ජන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් සෞඛ්‍ය ආදි අත්‍යාවශ්‍ය සේවා වලටද තැපැල් ජන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් ඔහු මෙහිදී කීවේය.

පූර්ව ජන්දය භාවිත කිරීමේ අයිතිය තහවුරු කළ යුතු බවත් ඊට විශේෂ ජන්ද මධ්‍යස්ථාන පිහිටුවිය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව එහිදී සඳහන් කළේය.

ජනතා නියෝජිතයින් ආපසු කැඳවීමේ ක්‍රමවේදයක් පැවතිය යුතු බවත් ඒ සඳහා සුදුසු යාන්ත්‍රණයක් සැකසිය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාවේදී අවධාරණය කළේය.

නව සංශෝධනවලදී ද්විත්ව ජන්ද පත්‍රිකා භාවිතය කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය යුතු බවත් මැතිවරණ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ලබා දිය යුතු බවත් නිමල් පුංචිහේවා මහතා කාරක සභාවේදී අවධාරණය කළේය.

මැතිවරණ විනිශ්චයාධිකරණයක් අලුතින් පිහිටුවීමට කටයුතු කළ යුතු බවද මැතිවරණ වියදම් පාලනය සම්බන්ධයෙන් කොමිෂන් සභාව දැඩි ස්ථාවරයක සිටින බවද ඔහු කීවේය.

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මාධ්‍ය උපමාන රාජ්‍ය මාධ්‍යට පමණක් නොව පෞද්ගලික මාධ්‍යටද අදාළ කරගත හැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කාරක සභාවේදී පෙන්වා දුන්නේය. මැතිවරණ කොමිෂන් සභාව සකසා ඇති මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය තම සභාවට ලබාදෙන ලෙස ද එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පැවැසීය.

මැතිවරණ වියදම් පාලනය සඳහා මනාප ක්‍රමය අහෝසි කළ යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කාරක සභාවේදී පැවැසීය.

පළාත් ඡන්දය ඉක්මන් කරන්න මැ.කෝගේ සහාය ඉල්ලයි

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ජා විය.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා සහය දක්වන්නැයි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

පළාත් සභා මැතිවරණය විවිධ හේතු මත දිගින් දිගටම ප්‍රමාද වෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දෙන අවස්ථාවේදීම අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත් මැතිවරණ ආචාර ධර්ම නීතිගත කිරීමටද කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීහු එම කාරක සභාව හමුවේ පැවැසූහ.

එසේම අපේක්ෂකයන්ගේ ඇප අවලංගු කිරීමේ ක්‍රමවේදයේ පුළුල් සංශෝධනයක් සිදුවිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාවේදී සඳහන් කළේය.

ආබාධිත අයට ජන්දය භාවිත කිරීම සඳහා ජංගම ජන්ද භාවිත කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවටද එම කොමිෂන් සභාව මෙහිදී යෝජනා කළේය.

දෑස් නොපෙනෙන පුද්ගලයින්ට බේල් ක්‍රමය ඔස්සේ ජන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීමට හැකි වන පරිදි නව සංශෝධන සිදුකළ යුතු බවද විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ජන්දබලය ආරක්ෂා වන පරිදි නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද මැතිවරණ කොමිසමේ ප්‍රධානීහු එම විශේෂ කාරක සභාව හමුවේ පැවැසූහ.

මැතිවරණ ආචාර ධර්ම නීතිගත කිරීමට කටයුතු කළ යුතු බවද ඔවුහු ප්‍රකාශ කළහ.

මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය මහාචාර්‍ය ජී.එල් පීරිස් මහතාද,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රවුෆ් හකීම්, රංජිත් මද්දුම බණ්ඩාර,මනෝ ගනේෂන්,එම්.ඒ සුමන්තිරන්,මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරුද සභභාගි වූහ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us