ප්‍රභාකරන් වීරයකු කළ චිත්‍රපටයක් කාම්බෝජය තහනම් කරයි    

Published in පුවත්
Friday, 01 October 2021 14:07

එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ ජීවිතයේ මුල් අවදිය හා ජීවිතයේ විවිධ අවස්ථා නිරූපනය කරමින් නිර්මාණය කළ ‘‘මෙතාගු” ද්‍රවිඩ චිත්‍රපටය කාම්බෝජයේ ප්‍රදර්ශනය කිරීම එරට රජය තහනම් කර තිබේ.

ශ්‍රී ලංකා රජය කාම්බෝජ විදේශ අමාත්‍යාංශය හරහා එරට රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන ඇතැයි කාම්බෝජයේ තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

ඒ අනුව හිටපු කොටි නායකයා උත්කර්ශයට නංවන කතා තේමාවක් අඩංගු ‘‘මෙතාගු” දෙමළ චිත්‍රපටය සියළුම ආකාරයේ රූපවාහිනී හා කේබල් ජාල ඔස්සේ ප්‍රදර්ශනය කිරීම තහනම් කරන ලෙස කාම්බෝජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශය, නිත්‍ය රාජ්‍ය ලේකම්වරයා හරහා, රූපවාහිනී නාලිකා ප්‍රධානීන්ට ලිපියකින් දැනුම් දී ඇතැයි එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.

කොටි හිතවාදි දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන කිට්ටු ගේ අධ්‍යක්ෂණයක් වන ‘මෙතාගු‘ යන්නෙහි සිංහල තේරුම ‘අතිගරු‘ යන්නයි. මෙය දේශපාලන ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර දෙමළ ඊළාම් චිත්‍රපට සමාජය එළිදක්වා ඇත.

 

ලංකාදීප

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us