භාණ්ඩ ආනයනය සදහා මහා බැංකුවෙන් තවත් තීරණයක් !

Published in පුවත්
Friday, 01 October 2021 13:47

අත්‍යාවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සදහා පනවා තිබූ සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සය මාසික මාර්ග සැලැස්ම එළිදක්වමින් අද (01) මහ බැංකු අධිපතිවරයා මේ බව පවසයි .

සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව හේතුවෙන් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් බවත් එය සලකා බලා අදාළ නියෝගය වහාම අත්හිටුවන බව අධිපතිවරයා සදහන් කර ඇත .
රට තුළ ප්‍රමාණවත් විදේශ විනිමයක් පවතින හෙයින් ඉදිරි මාස සඳහා අනවශ්‍ය ලෙස තොග රැස්කර ගැනීමෙන් වළකින ලෙසද මහ බැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ .

කාණ්ඩ 11ක් යටතේ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ 623ක් ආනයනය සීමා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව සැප්තැම්බර් මස 9 වැනිදා අදාළ සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව ක්‍රියාත්මක කරන ලදි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us