මහ කන්නයේ සහතික මිලක් යටතේ වී මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව ප්‍රමිතිගත නාඩු තෙතමනය 14% ක් සහිත වී , කිලෝග්‍රෑමයක් රුපියල් 50 ට මිලදී ගැනීමට නියමිතයි.

දිස්ත්‍රික්ක 15කට අයත් වනාන්තර 69ක් රක්ෂිත වනාන්තර බවට පත් කිරීම සදහා විෂයභාර අමාත්‍ය විමලවීර දිසානායක අද ගැසට් පත්‍රයකට අත්සන් තබා තිබෙනවා. අත්සන් තැබූ ගැසට් පත්‍රය වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු වෙත පිළිගැන්වූ බවයි වාර්තා වෙන්නේ

හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් කොවිඩ් මෘතදේහ ගැටලුව පිළිබදව තමා පිළිගන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි.

දෙසැම්බර් 2වැනිදා තමා වැඩ බාරගත් දින සිට මේ වන තෙක් සිරකරුවන් සහ රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටපු රැඳවියන් 10,000කට ආසන්න ප්‍රමාණයක්
නිදහස් කර ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පවසනවා.

COVAX පහසුකම හරහා එන්නත් ලබා දීමේදී COVID-19 එන්නත් නිෂ්පාදකයින් සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව රජය පවසයි.

සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගිය හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති 65 හැවිරිදි උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කර කොටදෙණියාව නාවාන සොහොන් පිටියේදී පුළුස්සා දමා තිබියදී ඊයේ (4 දා) සවස පොලිසියට සිරුර හමුවී ඇත.

2020 සිව්වන කාර්තුවේ ප‍්‍රවණතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ආර්ථිකය 2020 වසර තුළදී සියයට 3.9 ක සෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබේ.

ඉදිරි දෙසතිය ඇතුළත විද්‍යාපීඨවලින් පිට වූ 3772 දෙනෙකු ගුරු සේවයට බඳවා ගැනීම සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us