මේ වනවිට මෙරට රෝහල් ධාරිතාව උපරිම මට්ටමට ළඟා තිබෙන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකශ කර තිබෙනවා.

රටේ පවතින වාතාවරණය හමුවේ පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේ පක්ෂ සහ දිස්ත්‍රික් නායකයන් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේන බව වාර්තා වෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු සංචාරකයෙකුට මෙරට ගොඩ බැසීමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව බවයි වාර්තා වෙන්නේ.

කුරුණෑගල, මත්තල, ලුණුගම්වෙහෙර සහ බෙලිඅත්ත නගර අංග සම්පූර්ණ නවීන නගර ලෙස සංවර්ධනය කිරීම සඳහා වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (05) පැවැත්විණි.

නීතිපති දප්පුල ද ලිවේරා ජනාධිපතිවරයා විසින් කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (05) කථානායකවරයා වෙත ලැබී තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 922ක් අද (05) දිනයේත් පිටවගොස් තිබෙනවා.

කෑගල්ල කෝවිලේ ධම්මික බණ්ඩාර කපු මහතා විසින් සකස් කළ පැණිය හෙවත් ධම්මික පැණිය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී තිබේන බව වාර්තා වෙනවා.

අදාල පරීක්ෂණය රජරට සරසවියේ ආචාර ධර්ම කමිටුව විසින් සායනික පරීක්ෂණ පැවැත්වූ අතර එහිදී තහවුරු වී ඇත්තේ මෙම පැණිය කොරෝනා වෛරසය මර්ධනය සදහා කිසිවක් සිදු නොවන බවයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us