'සිරකරුවන්ද මනුෂ්‍යයන්' යන වැකියට පණදෙමින් ආණ්ඩුව ගත් අලුත්ම තීරණය !

Published in පුවත්
Friday, 24 September 2021 12:41

යහපත් කල්ක්‍රියාවෙන් සිටින සිරකරුවන්ට සතියක කාලයක් පවුලේ සාමාජිකයින් සමග කාලය ගතකර පැමිණීම සඳහා අවස්ථාවක් වහාම ලබාදෙන බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ (23) පවසා ඇත.

අධිකරණයෙන් වැරදිකරුවන් වී සිරදඬුවම් ලබා සිටින පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී සිදු කරන උද්ඝෝෂණය පිළිබඳව සොයා බැලීම සඳහා එම බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.

දිගින් දිගටම වැරදි කරන මිනිසුන් මෙන්ම ජීවිතයේ එක් වතාවක් වැරදි කරන පුද්ගලයන්ද බන්ධනාගාරයේ සිටින බවත් එම පුද්ගලයන්ට වැරදි නිවැරදි කර ගැනීමට එක් අවස්ථාවක් සලසා දිය යුතු බවත් එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් පරිදි බන්ධනාගාරවල තිබෙන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන හෙයින්, වහලය මත නැගී සිදුකරන උපවාසය අත්හැර දමන ලෙස අධිකරණ ඇමැතිවරයා සිරකරුවන්ගෙන් ඉල්ලා තිබේ.

බන්ධනාගාර පනත අනුව ඇමැතිවරයාට පැවරී ඇති බලතල මත යහපත් කල් ක්‍රියාවෙන් සිටින සිරකරුවන් සඳහා එක් සතියකට නිවාඩු ලබාදීමේ හැකියාවක් පවතින බව සඳහන් කළ අධිකරණ ඇමැතිවරයා ‘සිරකරුවන්ද මනුෂ්‍යයන්’ය යන්න සිරමැදුරුවල තාප්පවලට පමණක් සීමා නොකර එය ක්‍රියාවෙන්ම ඔප්පු කළ යුතු යැයි පැවැසීය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us