බලාගාරයේ කොටස් ඇමරිකාවට විකිණීම: පොහොට්ටුවේ හවුල් පක්‍ෂ අද අගමැතිට කරුණු කියති !

Published in පුවත්
Thursday, 23 September 2021 12:52

කෙරවලපිටිය බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධ ප‍්‍රශ්නය විසඳා ගැනීමට අද (23) අගමැතිවරයා සමග සාකච්ජා කරන බව ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ පවසයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන්ගේ රැස්වීම ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබුණත් එය නොපැවැත්වූ අතර එය අද (23 දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන බව පක්ෂ නායකයෙක් සඳහන් කළේය.

මෙහිදී ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ කෙරවළපිටිය බලාගාරයේ කොටසක් ඇමරිකානු සමාගමකට දීම ගැන පසුගියද ජවිපෙ නායක අනුර දිසානායක විසින් හෙළිදරව් කිරීමක් සිදු කළ අතර එහිදී ඔහු පෙන්වා දුන්නේ මෙය කැබිනට් මණ්ඩලයට නොදන්වා හොර රහසේ සිදු කළ ගනුදෙනුවක් බවයි. එසේම මධ්‍යම රාත්‍රියේදී මෙම ගිවිසුම අදාල අමරිකානු සමාගම් නියෝජිතයා සමඟ අත්සන් කිරීම සිදුකර ඇති බවත් ඔහු චෝදනාකර තිබිණි.

ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ අවධාරණය කරන්නේ නැගෙනහිර ජැටිය ප්‍රශ්නය බේරුමක් කර ගත්තා සේ මේ ගැටළුවද විසඳා ගන්නා බවයි. එනම් මෙම ගිවිසුම අහෝසි කරන තැනට කටයුතු කෙරෙන බවය.

මේ අතර කෙරවලපිටිය බලාගාරය ඇමෙරිකානු සමාගමකට ලබාදීම ගැන මෙතෙක් එකඟතාවක් ඇතිවී නැති බවත් දැනට පවතින්නේ දෙපාර්ශවය අතර සංකල්පීය එකඟතාවයක් පමණක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (22) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

තමන් හිටපු විදුලිබල අමාත්‍යවරයා ලෙස සිටියදී මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය ජනාධිපතිවරයාට හා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කී ඇමතිවරයා එය ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වභාවික ද්‍රව වායු බලාගාර පිළිබඳ ටෙන්ඩර කටයුතුවලට බාධාවක් නොවන අයුරින් සිදුවිය යුතුය යන්න තම ස්ථාවරය බව ද කීවේය.

රටට අවශ්‍ය ස්වභාවික ද්‍රව වායු ලබාගැනීමේ දී කිසියම් රටක ඒකාධිකාරයක් ඇති නොවිය යුතු බව ද ඇමතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යවරයා ඉදිරියේ දී ප්‍රකාශයක් කරනු ඇතැයි ද අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us