කොරෝනා මර්දනය අතරතුරත් ග්‍රාමීය සංවර්ධන කටයුතු අඛණ්ඩව !

Published in පුවත්
Thursday, 23 September 2021 20:04

ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ යටියන්තොට සීපොට් සිට කැන්දලන්ද ඔය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම අද ආරම්භ කෙරුණා.

ඒ රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට එක්වුණා. ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 95 ක් වැය කෙරෙන අතර මාර්ගය කිලෝමීටර් 5 ක් සංවර්ධනය කිරීම අපේක්ෂාවයි.

වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහනට සමගාමීව වැලිකන්ද සිංහපුර පැරකුම්යාය වැව රුපියල් මිලියන 6 ක වියදමින් සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර එක ගමකට එක ගෙයක් තේමාව යටතේ මැදිරිගිරියේ ඉදිකළ නිවාස දෙකක් ජනතා අයිතියට පත්කිරීම අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ මෙම නිවාස ඉදිකිරීම සිදුවේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us