ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එකතුව සිදු කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පරාජය කිරීමෙන් පසුව එජාප ආණ්ඩුව පිහි‍ටුවා එය ශක්තිමත් කිරීමේ මෙහෙයුමක්ද දියත් විය.

ජනාධිපති සිරිසේන වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පවසනවා.

අන්ත අසරණ වී සිටින රාජපක්ෂගේ කල්ලිය අද දිනද පාර්ලිමේන්තුවේදි පරාජයට පත් විය. ඒ ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් සිව් දෙනකු අද ආණ්ඩු පක්ෂයට එක් වීමත් සමගිනි. තවත් මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු ඉදිරි දින කිහිපයේදි ආණඩු පාර්ශ්වයට එක් වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තනාපති - ඇලේනා ටෙප්ලිට්ස් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ සති අන්තයේ ශ්‍රී ලංකාවේ ඇති වූ ප්‍රජාතන්ත්‍රවාදි හා ව්‍යවස්ථානුකූල දේශපාලන වර්ධනය පිළිබඳ අමෙරිකාව සතුටු වෙන බව පවසනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සුභ පැතුම් එක් කරමින් ඉන්දියාව සිය අදහස් පළ කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ මාස දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන අර්බුදයට ලබා දුන් විසඳුම සියලු දේශපාලන අධිකාරීන්ගේ පරිණතභාවය පෙන්නුම් කරන බවයි.

සිරිසේන ජනාධිපතිවරයා ඊයේ (16) රනිල් වික්‍රමසිංහ නව අගමැතිවරයා ලෙස පිළිගැනීම කරමින් පැවැත්තූ කතාව ගැන විවිධාකාර අදහස් පළ වෙමින් තිබේ. රනිල්ට හොඳ කණේ පාරක් ගැසුවාය රනිල්ගේ රෙදි ගැලෙව්වාය යනාදී වශයෙන් එය අගය කිරීමත් සිරිසේන අභූත චෝදනා නගමින් අන්දොනාවක් ප්‍රකාශයට පත් කළාය යනුවෙනුත් අදහස් පළවී තිබේ.

සිරිසේන ජනාධිපතිවරයා ජනවාරි 08 ජයග්‍රහණය පාවා දීමෙන් කළකිරීමට පත් ශ්‍රිලනිපය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වෙනම කණ්ඩායමක් ලෙස පසුගිය කාලයේ කටයුතු කළේය. 

අගමැතිධුරය කොල්ල කෑමේ කුමන්ත්‍රණයෙන් මහින්ද රාජපක්ෂට පට්ට පජාත ලෙස පරාජය බාරගෙන යෑමට සිදු වූයේ බැසිල් රාජපක්ෂ ඊට අවශ්‍ය සහයෝගය ලබා නොදී අසාර්ථක වීමට ඉඩ හැරිය නිසා බවට ගෝඨාබය පාර්ශ්වයෙන් චෝදනා එල්ල වෙමින් තිබේ.

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us