රජයෙන් පාසල් ළමුන්ට කිරි දෙන්න යයි. නමුත් රටේ කිරි නෑ.

Published in පුවත්
Thursday, 30 September 2021 16:07

කුඩා පරිමාණයේ කිරි සැකසුම් මධ්‍යස්ථාන හයක් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

දුෂ්කර පාසැල්වල සිසු දරුවන්ට දියර කිරි වීදුරුව බැගින් ලබා දිමේ අරමුණෙන් මෙම මධ්‍යස්ථාන ඉදි කරනු ලබන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

යුරෝ මිලියන 13.9 ක ප්‍රංශ ආධාර යටතේ මෙම කිරි සැකසුම් මධ්‍යස්ථාන ඉදි කෙරේ.

එක් කිරි සැකසුම් මධ්‍යස්ථානයකින් දිනකට කිරි ලීටර් පන්දහසක් බැගින් මෙම මධ්‍යස්ථාන හය තුළ දිනකට කිරි ලීටර් 30,000ක් සකස් කිරීමට නියමිත බව අමාත්‍යවරයා පවසයි.

කෙසේ නමුත් මෙරට දියර කිරි නිශ්පාදනය රටේ අවශ්‍යතාවයට තබා මෙරට කිරි ආශ්‍රිත නිශ්පාදනයන් කරන සමාගම් කිහිපයේ අවශ්‍යතාවයට හෝ නොසරිලන බව දැන ගනීමට තිබේ. පසුගියදා මිල්කෝ ආයතනයේ සභාපතිවරයා පෙන්වා දී තිබුණේ තම සමාගම විසින් නිශ්පාදනය කරන කල්කිරි බෝතල් නිශ්පාදනයන් අත්හි‍ටුවීමට තිරණය කළ බවයි. ඊට හේතුව වශයෙන් සඳහන් කර තිබුණේ අවශ්‍ය ප්‍රමාණයට දියර කිරි ලබාගැනීමට නොහැකි බවත් ඇතැම් පෞද්ගලික සමාගම් තමන් දියර කිරි මිළදී ගන්නා මිලට වඩා වැඩි මිළකට මිලදී ගැනීමත් නිසා තම සමාගම තවදුරටත් අපහසුතාවයට පත්ව ඇති බවය.

පාසල් ළමුන් සඳහා දියර කිරි වීදුරුවක් ලබා දීම විශිෂ්ට වැඩ පිළිවෙලක් වන නමුදු ඒ සඳහා දියර කිරි ලබාගැනීම වෙනුවෙන් වන වැඩ පිළිවෙලක් තිබේදැයි ප්‍රශ්නකාරීය. දිනකට කිරි ලීටර් 30,000ක් එකතුකර ගැනීමේ හැකියාවක් නොතිබුණහොත් මේ වෙනුවෙන් ලැබෙන යුරෝ මිලියන 13.9 ක ප්‍රංශ ආධාර අපතේ යනු ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us