හෙට සිට ලංගම බස් වැඩ. සේවක නිවාඩුත් අවලංගු කරයි  

Published in පුවත්
Thursday, 30 September 2021 16:15

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 5500ක පමණ ප්‍රමාණයක් හෙට (01) සිට ධාවනයට සූදානම් කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි ‍රණවක මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ ලංගම රියදුරු කොන්දොස්තර හා කාර්මික අංශයේ සේවකයන් සියලු දෙනා රාජකාරියට කැදවා ඇති බවයි.

එමෙන්ම ඔවුන් සියළු දෙනාගේ නිවාඩු ද අවලංගු කර ඇති බව හෙතෙම පැවසීය.

ලංගම සේවකයින් රාජකාරියට කැඳවන ලෙසට සියළුම ඩිපෝ අධිකාරීවරුන් වෙත උපදෙස් ලබා දී ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

අන්තර් පළාත් බස් රථ ධාවනය පිළිබදව තවමත් තීරණයක් ගෙන නොමැති අතර, ඒ සඳහා වෙන්කර තිබෙන බස් රථද පළාත් තුළ ධාවනයට පියවර ගන්නා කිංස්ලි රණවක මහතා පැවසීය.

ඒ මහතා පැවසුවේ කිසිදු තද බදයකින් තොරව සෞඛ්‍ය ආරක්ෂිතව ගමන් කිරීමට අවශ්‍ය බස් රථ ප්‍රමාණයක් යොදවන බවයි.

එමෙන්ම බස්‍ රථයක ගමන් කළ හැකි වන්නේ ආසන ප්‍රමාණයට පමණක් බව කිංස්ලි ‍රණවක මහතා වැඩිදුරටත් පැවසීය.

එහෙත් ශ්‍රි ලංකා දුම්රිය සේවය ආරම්බ කිරීමට තවත් දින දාහතරක් කල් ගන්න බව ඇමැති දිලුම් අමුණුගම පවසා තිබිණි.

Last modified on Thursday, 30 September 2021 16:18

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us