ළමුන් වෙනුවෙන් විශිෂ්ඨ නීතියකට ආණ්ඩුව සැරසේ !

Published in පුවත්
Friday, 01 October 2021 11:37

අපරාධ නඩුවලට සම්බන්ධ දරුවන් වෙනත් ස්ථානයක තබා වීඩියෝ තාක්ෂණයෙන් ප්‍රශ්න කිරීමේ ක්‍රියාවලිය ලෝක ළමා දිනයට සමගාමීව අද(01) සිට ආරම්භ කරන බව අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසා ඇත.


එසේම එවැනි දරුවන් මින් ඉදිරියට සාක්ෂි කූඩුවට නොකැඳවන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කර ඇත්තේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (30 වැනිදා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ මෙම නීතිය වසර ගණනාවක් තිස්සේ පැවතියද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුවේ ඉතාමත් අඩු වශයෙන් බවය.

ළමයින්ගේ සාක්ෂි වීඩියෝ ගත කිරීමේ ඒකකයක් අද සිට ආරම්භ කරන බවත් ළමයින් සම්බන්ධ අපරාධවලදී හැකි තරමක් පුද්ගලික සාක්ෂි උපයෝගී නොකර විද්‍යාත්මක සහ තාක්ෂණික සාක්ෂි මත පදනම්ව කටයුතු කිරීමට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත් ඔහු කියා සිටියේය.

ළමා අපයෝජනවලට ලක්වෙන වින්දිතයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සිදුකරනවා මෙන්ම නීතිපතිවරයා සමග සාකච්ඡා කර ඉතාමත් ඉක්මනින් වැරදිකරුවන්ට නඩු පැවරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේය. ළමා අපයෝජනයක් සිදු කර පුද්ගලයකු වැරදිකරුවකු වුවහොත් එම තැනැත්තාට එරෙහිව වසර විස්සක් බරපතළ වැඩ සහිතව සිරදඬුවම් නියම කිරීමට මහාධිකරණයට හැකි බවත් ඔහු සඳහන් කළේය.

අන්තර්ජාලය හරහා ළමයින් අපයෝජනයට ලක් කිරීමේ සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් 17 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයත් ළමා හා කාන්තා කාර්යංශයත් ඒකාබද්ධව අපරාධ වැළැක්වීමට කටයුතු කරන බව ද සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us