පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර තමාට ඒ පිළිබඳව කිසිඳු දැනුම්වත්වීමක් නොතිබු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙනවා. හිටපු ජනාධිපති සිරිසේන මේබව ප්‍රකාශ කර ඇත්තේ පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයට අද (26) එක්වෙමින්ය.

සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයන් දේශපාලන ක්‍රියාකාරකම්වල යොදවා දූෂණය නම් වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ගොනුකර තිබූ නඩුවෙන් අමාත්‍ය ජොන්ස්ටන් ඇතුළු චූදිතයින් තිදෙනා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කර තිබේ.

-පංචාලි අබේසේකර

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව කල් තැබීමේ විවාදය සඳහා දැනට ලබාදී ඇති දින තුනට අමතරව තවත් දිනයක් ලබා දීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය හිමි වුණා.

ආණ්ඩුව සමඟ ඉදිරියට යෑමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අගතිගාමී වන තීරණ නොගන්නා බව එම පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කර තිබෙනවා.

එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වස විස අඩංගු ආහාරපාන අලෙවි කරන වෙළෙඳුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

‘ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනෙකා’ එන්නත ලබාගත් අයගේ දෙවැනි මාත‍්‍රා එන්නත්කරණය අපේ‍්‍රල් 10 වැනිදායින් පසු ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

මෙරටට ආනයනය කරන ලද පොල් තෙල් තොගයක පිලිකාකාරක විස රසායනයන් අඩංගු බවටත් ඒවායෙන් කොටසක් මේ වන විටත් වෙළඳ පොළට නිකුත් කර ඇති බවටත් සාම්ප්‍රදායික පොල්තෙල් නිශ්පාදකයන්ගේ සංගමය විසින් සහ විපක්ෂ දේශපාලන පක්ෂ විසින් මාධ්‍ය ඔස්සේ කළ අනාවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලුම සුපිරි වෙළෙඳසැළ්, සතොස, සමුපකාර වෙළෙඳසැළ්වලට අප්‍රේල් 01 වනදා සිට රජයේ සහතික මිලට සහල් ලබාදිමට පියවරගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us