අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ පරීක්ෂණ මෙහෙයවූ සමූහ මංකොල්ල විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අද (24) දින දහවල් සිය පවුල සමඟ ස්විට්සර්ලන්තය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව වාර්තා වෙයි.

 අපරාධ පරීක්ෂණ දෙපාර්තාම්න්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත් අඩංගුවට ගැනීමේ උත්සාහයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිසියේ ආරංචි මාර්ග පවසයි. දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් අත් අඩංගුවට ගත්තාය යනුවෙන් අභූත චෝදනාවක් ගොඩනගා ඔහුව අත් අඩංගුවට ගැනීමෙ සැලසුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජනාධිපති ගොටාබය රාජපක්ෂ පසුගිය රාජපක්ෂ සමයේදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටි සමයේදී රජයේ මුදල් අවභාවිතා කරමින් සිය මාපියන් වෙනුවෙන් ඉදි කෙරුණු සොහොන සහ කෞතුකාගාරය සම්බන්ධ නඩුවෙන් ඔහුව නිදහස් කිරීමට අද ත්‍රීපුද්ගල මහාධිකරණය තීන්දු කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරය අත් හැර, ජනාධිපතිවරණයේ ජනමතයට ගරු කර ඉල්ලා අස්වීමට අද තීරණය කළේය. ඒ අනුව හෙට දින නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලය පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කෙරෙනුද ඇත.

රාජ්‍ය ආයතන සඳහා නව ප්‍රධානින් පත් කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ විසින් සකසන ලද නම් ලැයිස්තුව ජනාධිපතිවරයා වෙතින් පිළිගැනීමට ලක්වෙනු  ඇතැයි දැන ගන්නට තිබේ.

අගමැති රනිල් වික්‍රමසංහ අද දින සිය අගමැතිධුරයෙන් ඉවත් වීමට ගෙන තිබෙන තීරණය අනුව නව අගමැතිවරයකු යටතෙ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති ගොටාබය තීන්දු කළද එය මේ වන විට පොදුජන පෙරමුණ තුල දැඩි අර්බූදයකට හේතුවී තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගොටාබය රාජපක්ෂට එරෙහිව ප්‍රචාරක කටයුතු කළ පිරිස් ගැන සෝදිසි කිරීමේ මෙහෙයුමක් මේ වන විට දියත්ව තිබේ. ආරක්ෂක අංශ ප්‍රධානියෙකුගේ මූලිකත්වයෙන් මෙම කටයුත්ත සිදු වෙමින් තිබේ.

ගෝඨාභය තමන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තා යැයි කියමින් මෙතෙක් මුළු රටටම පෙන්වූ ගෝනි සෙල්ලම අහවර කරමින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ලිපියක් මගින් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කිරීම සම්පූර්ණ නොමැති බවත් ඔහු පෙන්වන සහතික ව්‍යාජ ඒවා බවත් ප්‍රකාශ කර තිබේ.

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us